කොල්ලකෑ ලක්ෂ 45ක පමණ වටිනා ප්‍රීසර් ට්‍රක්රථය රුවන්වැල්ලෙන් සොයාගැනේ

0
119


ලක්ෂ දහයක සොසේජස් සමග රුපියල් තිස්පන්ලකෂයක් පමණ වටිනා කමකින් යුත් ප්‍රීසර් ට්‍රක්රථයක් පසුගිය 13 වනදා පස්වරු 3.30ට පමණ සීදූවේ ප්‍රීමා ආයතනය ඉදිරි පිටදී පැහැරගෙන ගොස් තිබුණි.
පසුව එලෙස පැහැරගත් එම ප්‍රීසර් ට්‍රක්රථය 16 වනදා රාත්‍රී කාලයේදී සීදූව පොලීසිය විසින් රුවන්වැල්ලේ පාළු ප්‍රදේශයක අතහැර දමා තිබියදී සොයාගෙන ඇත.

එම ප්‍රීසර් ට්‍රක්රථය ප්‍රීමා ආයතනයේ සිට හෝමාගම පිහිටි ප්‍රීමා එජන්සියක් වෙත පසුගිය 13 වනදා පස්වරු 3.30ට පමණ අදාල සොසේජස් තොගය රැගෙන යාමට ප්‍රීමා ආයතනයේ පිටවීමේ ගේට්ටුව අසල නවතා තිබී ඇත.
එලෙස නවතා තබා ඇත්තේ ට්‍රක්රථයේ රියදුරු ගේට්ටුව වෙත ගොස් ගේට්පාස් එකේ මුද්‍රාව තබාගැනීමට සඳහාය. එලෙස ප්‍රධාන ගේට්ටුවෙන් එළියට විත් වාහනය පණගන්වා තබා වෙනදා මෙන් එම රියදුරු ප්‍රීසර් ට්‍රක්රථයෙන් බැස ප්‍රීමා ආයතනයේ ආරක්ෂක නිලධාරීන්ගේ කවුළුව වෙත ගොස් සිට ඇත.

එම අවස්ථාවේදී කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ එහාමෙහා යමින් සිටි සැකසහිත පුද්ගලයෙක් රියදුරු නෙත ගැටුනද ඒගැන වැඩිදුර නොදිතා ඇත. පසුව මඳවේලාකට පසු වාහනය දෙසට පැමිණ එක් වරම ට්‍රක්රථය වේගයෙන් ධාවනය කරමින් කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගය වෙත ගොස් මීගමුව දෙසට හරවා පලාගොස් තිබේ.

අනතුරුව ට්‍රක්රථයේ රියදුරු මදවේලාවක් ප්‍රීමා ආයතනයේ ආරක්ෂක කවුළුව අසල තිගැසි සිට ප්‍රධාන මාර්ගය වෙත දුවගොස් මාර්ගයේ ගමන් කරමින් තිබූ තී්‍රරෝද රථයක් නතර කරගෙන තමාගේ වාහනය යනදෙසට පිටුපසින් ගොස් තිබේ. නමුත් වාහනය පේන මානයක වත් නැතිහෙයින් එම රියදුරු තී්‍රරෝද රථයෙන්ම සීදූව පොලීසිය වෙත පැමිණ ප්‍රීමා ආයතනය ඉදිරිපිටදී තමන් පැඳවූ වාහනය යම් පුද්ගලයෙක් පැහැරගත් බව පැමිණිල්ලක් කර ඇති බව පොලීසිය පවසා සාටී.
පසුව සීදූව පොලීසියේ අපරාධ අංශයේ කණ්ඩායමක් විසින් සිද්ධිය වු දින කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ ඇති සී.සී.ටීවී. කැමරා පද්ධති වලින් සොයා ගත් තොරතුරුත් එම ප්‍රීසර් ට්‍රක්රථය එදිනම කටාන ප්‍රදේශයේදී සිදුකළ වාහන අනතුරක තොරතුරුත් මත පුළුල් පරීක්ෂණයක් සිදුකර ඇත.

ඒ අනුව සොයාගත් තොරතුරු මත එම ට්‍රක්රථය රුවන්වැල්ල ප්‍රදේශයේ ඇති බවට ලද අනායරනය කරගෙන තිබේ. පසුව සීදූව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් රුවන්වැල්ල ප්‍රදේශයට ගොස් රුවන්වැල්ල පොලීසියෙන් අවසර ගෙන අදාල ප්‍රදේශයේ සෝදිසියක් සිදුකර ඇත. එහිදී රුවන්වැල්ලේ පාළු ප්‍රදේශයක අතහැර දමා ගොස් තිබියදී එම කොල්ලකෑ ප්‍රිසර් ට්‍රක්රථය සොයාගත් බව පොලිසීය කීය.

එම ස්ථානයේදී වාහනය පරික්ෂා කිරිමේදී සොසේජස් වලින් අඩක් පමන වාහනයේම තිබී ඇතත් කොල්ලකරුවන් විසින් වාහනයේ බැටරි දෙකම ගලවාගෙන ගොස් ඇත. වාහනයේ බ්‍රෙක් හෝස් එකක් පුපුරාගොස් වාහනයේ බ්‍රෙක් නැති බවත් පොලීසිය විසින් අනිවරනය කර ගෙන ඇති බවද පැවසේ. අනතුරුව එම වාහනය පසුගිය දාසය වනදා සීදූව පොලීසියවෙත රැගෙනවිත් ඇත. මෙම පැහැර ගැනීම පිළබඳව පූර්ණ පරීක්ෂන සිදූව පොලීසිය විසින් සිදුකර පැහැර ගැනීම සිදුකළ තැනැත්තාව හෝ තැනැත්තන්ව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටි.

මෙම සිද්ධිය පිළිබඳව මීගමුව කොට්ඨාසය භාර ෙජ්්‍යෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ සහ සහකාර පොලිස් අධිකාරී 03 එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත ඉදිරි විමර්ශනය කටයුතු සීදූව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දනුෂ්ක මද්දුමබණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති නාරන්ගොඩ මහතා, සීදූව පොලීසියේ බුද්ධි නිලධාරීන්, පොලිස් සැරයන් 53256 කුමාරදාස, පොලිස් කොස්තාපල් 60302 මංජුල, පොලිස් කොස්තාපල් 72566 හේරත්, පොලිස් කොස්තාපල් 79888 තිලකරත්න, පොලිස් කොස්තාපල් 34532 බණ්ඩාර යන පොලිස් කණ්ඩායම විසින් සිදුකර ඇත.
( සීදූවේ -විජිත )