බන්ධානාගාරගතව සිටින පොලිස් නිළධාරීන් තිදෙනාගේ ඇප අවලංගුයි

0
104

මංකොල්ල  කෑ මුදල් රන් භාන්ඩ හා මැණික් තොගයක් , මීගමුව පොලිසිය භාරයේ තිබියදී අස්ථානගතවීමක් සම්බන්ධයෙන්  සැකපිට  දැනට එම පොලිස් ස්ථානයේ සේවයේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙකු  පසුගිය අගොස්තු 05 වනදා මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව ඔවුන්ව මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගය මත  රක්ෂිත බන්ධානාගාරගත කරන ලදී.
අද දින මෙම සැකකරුවන් තිදෙනාව  හඳුනාගැනීම සඳහා පෙරෙට්ටුවකට ඉදිරිපත්කරන ලදී. එහිදී සාක්ෂිකරුවන් තිදෙනා විසින් මේ සැකකරුවන්ව හඳුනාගත් අතර එම වාර්තාව අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා වෙනුවෙන්  ඇප  ඉල්ලූම්පත ද ඉදිරිපත් විය.  මෙම පොලිස් නිලධාරීන් තිදෙනා වෙනුවෙන් ඉන්දික සිල්වා, විරාජ් ජයසිංහ ඇතුඵ නීතිඥ මඩුල්ලක් පෙනී සිටින ලදී. එහිදී එම නීතිඥයින් අධිකරණය වෙත පවසා සිටියේ ඇප ඉල්ලූම් අ`ඥා පනත අනුව මේ පොලිස් නිලධාරීන්ට ඇප ලබා දීමට සලකා බලන ලෙසයි. එහෙත් එහිදී අධිකරණයට කරුණු දක්වා සිටි කොළඹ මිරිහාන, විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතා පැවසුවේ මෙම සිද්ධියට අදාළ ප‍්‍රධාන සැකකරු වන මීගමුව පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාව මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසා මෙහි පරීක්ෂණ කටයුතු තවමත් අවසන් වී නොමැති බවයි. එලෙසම දැනට රක්ෂිත බන්ධනාගාර ගත කොට ඇති මෙම පොලිස් නිලධාරීන් තිදෙනාට ඇප ලබා දීමෙන් මෙම සිද්ධියට සම්බන්ධ සාක්ෂිකරුවන්ට යම් බලපෑමක් සිදු විය හැකි බවද සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණය හමුවේ පැවසීය. ඒනිසා ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම සිය`ඵ කරුණු සැලකිල්ලට ගෙන මෙම සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනාට ඇප ලබා නොදෙන ලෙසයි.
මෙහිදී මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ අතිරේක විනිසුරු දුලානි එස්. වීරතුංග මහත්මිය විසින් එම සැකකාර පොලිස් නිලධාරීන්ට ඇප ලබා දීම ප‍්‍රතික්ෂේප කළ අතර අගෝස්තු 30 වැනි දිනට මෙය විභාග කිරීමට දින නියම කරන ලදී. මේ අනුව යළි එදින දක්වා මේ පොලිස් නිලධාරීන් තිදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.