කොලොම්බියාවෙන් පාඩමක්

0
299

SEQUIA EN CASANARE
කොලොම්බියාවේ ඇතිවී ඇති දැඩි නියගයක් හේතුවෙන්   එම පරිසරයේ ජීවත්වන සත්වයින් විශාල වශයෙන් මිය යාමේ අවධානමක් ඇතිවී තිබෙන බව පරිසර ක්‍රියාධරයන් හා සංවිධාන ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඒ හේතුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මෙම ප්‍රශ්නය විසඳීමට මැදිහත් වන  ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් මෙන්ම කොලොම්බියානු දේශපාලන අධිකාරියට ද  පරිසර සංවිධාන විසින් ලිඛිතව දන්වා තිබේ.

මෙම නියගයට හේතුවී ඇත්තේ නොසැලකිලිමත් ආර්ථික ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වන තෙල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා බව පරිසරවේදීන් චෝදනා කරති. පරිසරයේ ඇති ස්වභාවික තත්ත්වයන් විකෘති  කිරීමට මෙම කර්මාන්තශාලා වල ක්‍රියාකාරී්වය හේතුවී ඇති බවත් මෙම නිසා විශාල පාරසරික විනාශයක් සිදුවී ඇති බව ඔවුන් චෝදනා කරති. මෙහි ප්‍රතිපළයක් ලෙස එක් පළාතක ජීවත්වූ සත්වයින් 20 000ක් පමණ මියගොස් ඇති බවට ගණන් බලා තිබේ. මේ අතර ජලයේ සිටින ජීවින් වන මත්ස්‍යයින්, කැස්බෑවන්, උරගයින් මෙන්ම හරක් හා ඌරන් හා තවත් සත්වයින් සිටිති.
මෙම සත්වයින් රැක්ගැනීම සදහා  මේ වන විට දේශීය මෙන්ම ජාත්‍යන්තර පරිසර සංවිධාන හා පුද්ගලයන් එකතුවී ක්‍රියාකාරිවෙමින් සිටිති.

උපුටා ගැනීම – ග්ලෝබල් වොයිස්
http://globalvoicesonline.org/2014/04/03/environmental-emergency-drought-kills-thousands-of-animals-in-colombia/