කොවිඩ් අස්සෙන් මතුවෙන පොලිස් ඇමතිගේ සැණකෙලි උන්මාදය

0
98

වසර 3 ක් තම ජීවිකාව අහිමි ප්‍රසංග වේදිකා කලාකරුවන්ගේ හෙට දවස වෙනුවෙන් යැයි සදහන් කරමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සංකල්පයකට අනුව ‘රූ නද මේලා 2021’ නමින් දැවැන්ත අධ්‍යාපන වෙළෙඳ ප්‍රදර්ශනයක් හා සැණකෙලියක් සංවිධානය කර තිබෙන බව www.news19.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

සරත් වීරසේකර මහතාගේ පුත් වෛද්‍ය සචිත්‍ර අධීෂ වීරසේකර මහතා විසින් මෙහි සියලු අධීක්ෂණ කටයුතු සිදුකරන අතර සරත් වීරසේකර මහතාගේ සම්බන්ධීකරණ ලේකම් ලක්ෂ්මන් කුමාර මහතා මෙහි සංවිධාන කටයුතු සිදුකරනු ලබන බවද වැඩිදුරටත් එහි සදහන්ය.

අති නවීන විචිත්‍රාංග සමගින් දින 10 ක් පුරා පැවැත්වෙන මෙම සැණකෙලිය ශ්‍රී ජයවර්ධනපුර කමත පරිශ්‍රයේ පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් තිබේ.

කෙසේ වෙතත් රජය මේ වන විටත් නිවේදනය කරන්නේ එළඹෙන උත්සව සමයේ යළිත් කොවිඩ් වෛරසය පැතිරීමේ විශාල අවධානමක් පවතින බවයි.

මෙරටින් ඔමික්‍රෝන් ආසාදිතයන්ද මේවන විට වාර්තා වෙමින් පවතින අතර දෛනික ආසාදිතයින් වාර්තාවීම යළිත් වරක් හිස ඔසවා තිබෙනවා.