කොවිඩ් නිසා ⁣පෙරියමුල්ලේ රාත්‍රි කඩවලට වෙච්ච දේ.?

0
147

IMG-20201016-WA0010IMG-20201016-WA0008IMG-20201016-WA0011IMG-20201016-WA0012

පෙරියමුල්ල ප්‍රදේශයේ හෝටල් පරිශ්‍රය යනු වෙනදා විශාල සෙනඟක් ගැවසෙන ස්ථානයකි. මෙහි රාත්‍රි යාමයේ විවිධ වර්ගයේ වාහන එක පෙලට නතර කර තිබෙනු දැකිය හැක. මගීන් විවිධ වර්ගයේ ආහාර වලින් කුස පුරවා ගන්නා ආකාරයද දැකිය හැක. මෙම ආහාර නිසා අවට සිසාරා පැතිරෙන සුවඳ පාරේ යන එන්නන්ටද දැනේ.

නමුත් අදවන විට මෙකී තත්වය වෙනස්ය. පාරේ කලබල කාරී තත්වය අද නැත. අවට පරිසරය නිහඬ බවක් උසුලයි. මෙහි ප්‍රධාන පෙලේ හෝටලයක් වන අන්සාර් හෝටලයේ අයිති කරු අප සමඟ හුවමාරු කර ගත් වචන කිහිපය තුළ මෙම හෝටල් වල අද පවතින තත්වය හඳුනා ගත හැකි විය.
” මහත්තයෝ අද මේක කරන්නෙ නොකර බැරි නිසා. සෙනඟ එන්නෙ නෑ. සමහරු එන්නෙ සිගරට් බොන්න විතරයි. කෑම ටිකක් හදන්නෙ ඕඩර්ස් වලට විතරයි. සේවකයින්ගේ පඩි ගෙවන්න, කඩ කුලී ගෙවන්න , වෙනත් කටයුතු දිහා බැලුවහම , හෝටලේ වහල තියාගන්න එක මීට වඩා හොඳයි කියල හිතෙනව.”
කොරෝනා වසංගතය විසින් ව්‍යාපාරත්, ඒ මගින් ජන ජීවිතයත් අඩාල කරමින් , පවතින අකාරයයි ඒ. මෙම තත්වය සෑම අස්සක් මුල්ලක් නෑර පැතිරෙන්නට පෙර රජය සහ අදාල වගකිවයුත්තන්ට ඒ පිළිබඳව වගකීමක් ඇති අතර ඒ සඳහා මැදිහත් වන ලෙස අපි අවධාරණය කරන්නෙමු.

සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here