කොස්තගේ මළගෙදර රනිල්, මෛත්‍රි,රවින්ද්‍ර සහ ජැකලා තවම නැත්තේ ඇයි ?

0
283

wimal kumaraකොස්තා මහත්තයා මිය ගියාම මළගෙදර ගියේ පැරැණි රසිකයො සහ ඔහු වටා හිටපු අලුත් පරම්පරාවේ කොල්ලො කුරුට්ටො විතරයි.. රවීන්ද්‍ර රන්දෙණිය, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, ජැක්සන් ඇන්තනී වගේ අය යනව තාම දැක්කේ නෑ!

ඒකට හේතුවත් කොස්තා මහත්තය තමා.. උන්නැහැ රගපෑමෙන් ඈත්වෙලා වැඩිකාලයක් ජීවත් වුණේ අපේ ගමේ..හන්දි ගානේ බීල වැටිල ඉන්නකොට කාටවත් උන්නැහැ ගැන නිනව්වක් තිබ්බේ නෑ.. අර දොස්තර මලයා Sanjaya ත් දවසක් පාරේ වැටිලා ඉදල දැකල මුන්නැහැව කෙලින් කොරල ගියාලු.. ඔය වගේම හිටියා ගායකයෙක් අපේ ගමේ ඇන්ටන් රුද්‍රිගු කියල…අර ‘ඉස්සන් මගුරන් ලොකු වැලි ගොව්වන්…‘‘ සින්දුව කියන්නෙ..මිනිහ සූදු කෙළලම නැතිවෙලා ගියා..

කොස්ත මහත්තයා පස්සෙ මහින්ද ජනාධිපතිවරයාට දුක කියල නිවාස යෝජනාක්‍රමයකින් ගෙයක් ගත්තා. කලාකරුවන්ට අවසානයේ අත්වන ඉරණම ඕක තමා. ඒකයි දැන් පරම්පරාවෙ උන් හම්බකරල ව්‍යාපාරයක් වගේ දෙයක් පටන් ගන්නේ..

කැලණියේ ‘හතාගේ‘ නාට්‍ය කණ්ඩායමත් එක්ක පටන් අරං චිත්‍රපටි වල රගපාලා මිය යනකං ඔහු හරිම සරල මනුස්සයෙක් වුණා..අලුත් පරම්පරාවට ආදරය කරා.. ෆේස්බුක් වල ඉන්න වයස 16-28 පරම්පරාව ඔහු ගැන වැඩිය නොදන්න නිසා පෝස්ට් වැටෙනව දැක්කෙ අඩුවෙන්..

ජනතාවාදී කලාකරුවො වුණහම අවසානෙ ඔහොම තමා…

එතුමාට නිවන් සුව පතනවා…
(මනෝරාමගේ බුකිපිටුවෙනි )