කොස්තාපල්වරුන්ට රෑට නින්ද යෑම ගැන කොච්චිකඩේ පොලිසිය සීරුවෙන් ?

0
159

නියෝජ්‍ය අමත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ  නිවසට ආරක්ෂාව පිනිස යොදවා සිටි පොලිස් නිළධාරි වරයෙකුට නින්ද යෑම හේතුවෙන් ඔහුගේ වැඩතහනම් වි ඇති බව වාර්තා වේ.
ඉකුත් 29 දින රාති‍්‍ර කටාන ප‍්‍රදේශයේ පිහිටි රාජ්‍ය අමාත්‍ය සුදර්ශණි ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ නිවසට ආරක්ෂාව සදහා රති‍්‍ර කාලයේ යොදවා සිටි පොලිස් නිළධාරිවරුන් පරික්ෂාවට ගිය කොචිචිකඩේ පොලීසියේ උප පොලිස් නිළධාරිවරයෙකු එම ස්ථානයට යන විට රාජ්‍ය අමාත්‍යවරියගේ නිවසේ ආරක්ෂාවට සිටි  පොලිස් නිළධාරිවරයා නිදා සිටි බැවින්  එම ස්ථානයට ගිය පොලිස් පරික්ෂක වරයා පැමිණිලි පොතේ ආරක්ෂාවට සිටි අදාළ නිලධාරිවරයා නිදා සිටි බවට පැමිණි්ලක් සටහන්  කර ඇත.  අතර එයට උරන වී ඇති  පොලිස් කොස්තාපල් වරයා සහ පොලිස් පරික්ෂක වරයා අතර බහින් බස්විමක් ඇතිවි  ගැටුමක් බවට පත්ව ඇති අතර , මෙම සිදුවීම  සම්බන්ධයෙන් මුලීක පරික්ෂණ වලින් පසු  පොලිස් කොස්තාපල් වරයාගේ සේවය තාවකාලික අත් හිටවා ඇති බව ද වාර්තා වේ.