කොස්ලන්දට යන දේශපාලනඥයින්ට හලාවත මයික්කුලම ජනතාව අමතක වේ

0
60

හලාවත, මයික්කුලම, පනන්කුඩාවත්ත, සවරාන ප්‍රෙද්ශයන්හි ගංවතුර නිසා පීඩා ව්‍දි ජනතාව මුණගැසී ඔවුන්ට සහනාධාර ලබාදීමට වයඹ පළාත් සභා මන්ත්‍රි නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පසුගිය දිනකදී කටයුකු කරන ලදී.
දින 2 ක් තුළ උයා පිහා ගැනීමට නොහැකි ජනතාවට යම් සහනයක් ලබාදීම වෙනුවෙන් නොවැම්බර් 6 සහ 7 දෙදින තුල හානියට පත් ප්‍රෙද්ශයේ ස්ථාන 5 කදී දිවා ආහාරය සකස් කොට ජනතාවට ලබා දීමට නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම විසින් කටයුතු කරන ලදී. මෙම කටයුත්තට උරදීමට වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ 2002 කණ්ඩායම සහ සලාපුර ලියෝ සමාජය එකතු විය. මේ වන විට ගංවතුර තත්තවය පහව යමින් ඇතත් සෑම වසරකම සිදුවන මෙම ව්‍යසනයට ස්ථීර පිළියමක් ලබා දීමට බලධාරීන් තවමත් අසමත් වී ඇත.​ මේ වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ගංවතුරින් වැඩිම හානිය හලාවතට සිදුවී ඇතත්, තරගයට මෙන් කොස්ලන්ද මීරියබැද්දට යන දේශපාලනඥයින් කිසිවෙක් මෙතෙක් පීඩාවට පත් ජනයා මුණගැසීමට පැමිණ නැත.IMG_4138
IMG_4149
DSCN5049

 

 

IMG_4114

IMG_4091IMG_4037IMG_4039
DSCN5017