කොහු මෝලකට දිවි යටකර පාරකට වැටුණ මිනිස් පවුලක දුක්බර කතාවක්

0
226

IMG-20191021-WA0002

කුඩා දරුවන් රැගෙන යන ⁣පරණ ගෝකාට් එකක කුඩා දරුවන්ට අවශ්‍ය වලලු , කීටෑග් වැනි කුඩා භාණ්ඩ ප්‍රමාණයක් එල්ලා ගෙන ඒවා විකුණා ජීවත්වන තරුණ පවුලකි. ගෘහ මූලිකයා ෂෙහාන් දිනුක නම් වයස අවුරුදු 25 ක තරුණයෙකි. අද මේ පවුලම පාරට වැටී ඇත්තේ ඔවුන් කල වරදක් නිසා නොව, ඔවුන්ගේ දුක්බර ජීවිතය පිළිබඳව අදහසක් බෙදා ගැනීමට දිනුක කැමැත්තක් දැක්වූයේ ඔවුන් ගැන කිසිවෙකු අවධානය නොදෙන තත්වයක් යටතේය.

ඔහු තම පුද්ගලික තොරතුරු ටිකක් අප සමඟ ප්‍රකාශ කරන අතර ඔහුගේ බිරිඳ හතර පස් වතාවකටත් වඩා කීවේ තමන්ට ඉන්න තැනක් ලැබෙනවා නම් ලොකු දෙයක් කියාය.

තම ජීවන ගමන අාරම්භ කල ආකාරය ගැන දිනුක කීවේ මෙවන් අදහසකි.

තම ජීවන ගමන අාරම්භ කල ආකාරය ගැන දිනුක කීවේ මෙවන් අදහසකි.
මම පොඩි කාලෙ ඉගෙන ගන්න අපේ පවුලේ අයට හයියක් තිබුනෙ නෑ. අපි දෙමල. අම්මා , තාත්ත මැරුණට පස්⁣සෙ සිංහල පවුලක් තමයි මාව හදාගත්තෙ.
අවුරුදු 12 ඉඳල මම කොහුමෝලක වැඩ කලේ. ඊට පස්සෙ එස්. සිවශාන්තිව මම විවාහ කරගත්ත. ඒ කාලෙ ජීවිතේ මීට වඩා හොඳයි .මට ත්‍රිවිල් එකකුත් තිබුනා.
පවුලේ වියදම හොයාගන්න මේකෙන් පුළුවන් ද?

මම කොහුමෝලෙත් වැඩ කරනවා. මේ දවස් වල වැඩ නෑ. ඒනිසා ඒ ගොල්ලො සල්ලි දෙන්නේ නෑ.
මට වෙන රස්සාවක් හොයාගන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
දරුවන්ගෙ කටයුතු කොහොමද ?

මගෙ ලොකු පුතාට අවුරුදු 3 යි මාස 3යි. එයාට ඇවිදින්න අමාරුයි . කකුල් දෙකේම පරීක්ෂණ කරන්නයි බෙහෙත් කරන්නයි මට රටට ණය වෙන්න සිද්ධ වුනා. පොඩි පුතාට අවුරුදු 1යි මාස 3 යි. ⁣එයාට මොලේ ස්නායු ප්‍රශ්ණයක් . ඒවටත් ප්‍රතිකාර කරනව. ඒක නිසයි අද මේ තත්වෙට පත්වුනේ.
ඔහුට ඇත්තේ සංක්‍රමණික ජීවිතය කි. දිනුකගේ මුල්ගම කුරණ, කටුනායකයි. නමුත් දැන් මේ පවුල ජීවත්වෙන්නෙ හාල් දඬුවන , කීරගල පොල අසලයි .
තමන්ගේ දුක කියාගන්න බැරි බිම් අඟලක්වත් නැති මිනිස්සු මේ රටේ නගරයක් පාසා කොතරම් සංඛ්‍යාවක් ඇතිදැයි වගකිවයුතු අය අවධානය දියයුතු ප්‍රශ්ණයකි . ඔවුන් ද මේ රටේ ඉපදී මියයන මිනිස්සුය.
දිනුකට උපකාරයක් කල හැකි කවරෙකු හෝ සිටීනම් ඔහුගේ දුරකතන අංකය අපි පහත දක්වා සිටිමු .

0769958523

සටහන – සැම්සන් ඥානසිරි