Saturday, June 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

Home Stories කොළඹ,ගම්පහ,කලුතර ඇඳිරිනීතිය අප්‍රේල් 3 වැනිදා තෙක් ? නිවෙස්වලට භාණ්ඩ යැවිමට රජයට තවමත්...

කොළඹ,ගම්පහ,කලුතර ඇඳිරිනීතිය අප්‍රේල් 3 වැනිදා තෙක් ? නිවෙස්වලට භාණ්ඩ යැවිමට රජයට තවමත් බැරිවෙයි ?

0
38
 .5cda8f83222a5_curfew

කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්ක තුනට පනවා ඇති ඇදිරි නිතිය ලබන මස 03 වැනිදා දක්වා දීර්ඝ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇතැයි ලංකාදිප වෙබ් අඩවිය අද වාර්ථා කර තිබුණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (25)  පැවැති කැබිනට් රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කෙරුණු බව එහි සදහන්ය.
කොළඹ, ගම්පහ සහ කලුතර යන දිස්ත්‍රික්ක  තුන කොරෝනා ආසාදනය වීමේ අවදානම් කලාපයක් ලෙස  ප‍්‍රකාශයට පත් කරමින් රජය විසින් ඉකුත් 24 වැනිදා ප. ව. 2.00 සිට නැවත දැනුම් දෙනතුරු එම දිස්ති‍්‍රක්ක තුනට ඇදිරිනිතිය පනවනු ලැබීය.
ගමට සහ නිවෙස් වලට සියළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නිසි පරිදි බෙදාහැරිම සිදුකරනවා රජය නිරන්තරයෙන් කියා සිටිියද ඒ වැඩපිලිවෙල තවමත් කිසිදු ප්‍රදේශයක විදිමත් ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත.
ඉන් අදහස් වන්නේ ඒ සම්බන්ධයෙන් රජයට විදිමත් යාන්ත්‍රණයක් මේ වන විටත් සකස් කරගැනිමට නොහැකි වි තිබිමය.
මේ පසුබිම යටතේ අප්‍රේල් 03 වනදා තෙක් ඇදිරි නිතිය පැනවි තිබෙන්නේ නම් මේ ප්‍රදේශවල ජනයා දැවැන්ත පිඩාවටක පත්වනු නියතය.
බැසිල් රාජපක්ෂ මුල්කොට ගෙන ජනපති කාර්ය සාධක බලකායන් හරහා කරනවා යැයි කියන සියලු දැ නිකම්ම නිකන් පම්පෝරු පමණක් බව යළි යළිත් දැන් ඔප්පු වෙමින් තිබෙ.
මේවා රජයේ පම්පෝරු පමණක් බව දැන් වඩාත් පැහැදිලිය
Exit mobile version