මහා මාර්ග වල සිදුකෙරන අළුත් වැඩියා කිරිම් වලදි ඒවාට අදාලව ඇති අනතරුදායක තත්වයන් පාලනය කිරිම සදහා ප්‍රමාණවත් පියවර නොගැනිම නිසා සිදුවූ අනතුරු පිළිබදව ය දිනවල මාධ්‍ය වාර්තා රැසක් පලවිය.
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කටුනායක පිවිසුම අසල කොළඹ සිට හලාවතට හා හලාවත සිට කොළඹ දෙසට දිවෙන මංතීරු දෙක අතර අධිවේගී මාර්ගය ඉදිකිරීම් සදහා කරන ලද කැනීම් හේතුවෙන් මාර්ගය හරහා අගල් නිර්මාණය වී ඇත.මෙලෙස මාර්ගයේ ඇතිවී ඇති අනතුරුදායක ස්ථාන ආවරණය කිරීමේ හෝ ඒ පිළිබදව සංඥා පුවරු ප්‍රදර්ශණය කිරීම මෙතෙක් එම ස්ථානයේ සිදුකර නොමැත. එලෙසම රාත්‍රී කාලයේ එම ස්ථානයේ ඇති අඩු ආලෝක තත්වය නිසා මාර්ගය පැහැදිලිව රියදුරන්ට පෙනෙන්නේද නැත. මේ හේතූන් නිසා ඊයේ (සැප්තැම්බර් 17) රාත්‍රීයේ වාහන 7ක් මෙම ස්ථානයේදී අනතුරට ලක්වී ඇතැයි වාර්ථා වේ.එම නිසා මෙම අනතුරුදායක තත්වය ඉවත්කිරීම සදහා බලධාරීන් වහාම පියවර ගත යුතුය.