කොළඹ-ගම්පහ හැර සෙසු පළාත්වල බස් රථ ධාවනයට අවසර

0
88

බස් අවසර

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් හැර සෙසු ප්‍රදේශවල පළාත් අතර බස් රථ ධාවනයට අද(20) දිනයේ සිට අවසර ලබාදීමට තීරණය කර ඇති බව විදුලිබල බලශක්ති හා මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් පරිදි පළාත් අතර බස් රථ ධාවනයට අවසර ලබා දී ඇති බවයි.

දැනට පවතින තත්ත්වය මත ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් නයින්ටීන් සම්බන්ධව යහපත් තතත්ත්වයක් රට තුළ පවතින්නේ නම් ලබන සඳුදා දිනයේ සිට රට යථා පරිදි පවත්වාගෙන යාමට හැකි වනු ඇති බව ද මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ විසින් ලබා දි ඇති උපදෙස්වලට අනුව අද දිනයේ සිට පළාත් අතර බස් රථ ධාවනයට අවශ්‍ය පියවර ගන්නා බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ඒ.එච්.පණ්ඩුක මහතා සඳහන් කළේ,  ඒ අනුව අද දිනයේ සිට ධාවනයට එක් කරන බස් රථ සංඛ්‍යාව ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පළාත් අතර බස් රථ ධාවනයට අවශ්‍ය කටයුතු සිදුකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මුලාශ්‍රය- අද දෙරණ