කොළඹ මාළු සංකීර්ණයට අවසර ! මිගමුමේ ලෙල්ලම් වහන්න නියෝග?

0
92

IMG_20200502_065405මීගමුවේ ලෙල්ලම් අද සහ හෙට වසා තබන ලෙස පොලිසිය විසින් නියෝග කර ඇතැයි වාර්තාවේ.ඒ අද දිනයේ කොළඹ මාළු වෙළඳ සංකීර්ණය විවෘතව තැබිමට ඉඩ ලබාදි තිබියදිය.මෙය පැහැදිලි ආසාධාරණයක් බව ධීවරයෝ මෙන්ම ධීවර ව්‍යාපාරිකයෝද පවසා සිටිති.ඊයේ දිනයේ මිගමුවට ලැබුන මාළු තොගවල ඉතිරිය අයිස් දමා අද විකිණිමට සැලැසුම් කර තිබියදි ඊයේ සවස පැමිණි පොලිසිය අද ලෙල්ලම් විවෘත නොකරන ලෙස නියෝග දි තිබේ.මේ නිසා ඊයේ දිනයේ අයිස් දැමු මාළු තොග අද කොළඹ මාළු වෙළඳ සංකීර්ණයට යැවිමට කටයුතු කරන්නට සිදුව තිබේ.මෙසේ රටේ නීති දෙකක් එකම පොලිසිය විසින් ක්‍රියාත්මක කිරිම සැබැවින්ම විහිළුවක් යැයි ධීවරයෝ පවසා සිටිති.