කොළඹ හලාවත පාර වසාදමා ධීවරයෝ ඇමතිට එරෙහිව දැවැන්ත විරෝධයක් ?

0
306

NGB protest 4.jpg.jpg .jpgනීති විරෝධී ධීවර ආම්පන්න වලින් මසුන් මැරීමට ධීවර අමාත්‍යවරයා නැවත අවසරය ලබා දීමට එරෙහිව විරෝධය පාමින් අද දින  01 දින මිගමුව හලාවත මාර්ගය අවහිර කරමින් මිගමුව මහ නගර සභාව ඉදිරිපිට තුන්දහසකට අධීක ධීවර පිරිසක් උද්ඝොසනයක් පවත්වමින් සිටිති.NGB protest 9jpg.jpg.jpg
මිගමුව සිට ත්‍රිකුණාමලය දක්වා සැම ධීවර පාලාතක්ම නියොජනය වන පරිදි ධීවර කටයුතුවලින් බැහැරව ධීවර සමිති නියෝජිතයො තුන්දහසකට අධීක පිරිසක් මේ  සදහා සහභාගිවිව සිටිති.මේ අතර මිගමුව සිට හලාවත දක්වා මාළු වෙළද සැල් සියල්ලම වසා දමා ඇති බැව්ද වාර්ථා වේ .
මෙම ධීවර නියෝජිතයන් පවසන්නේ මෙයට පෙර නීති විරෝධී ධීවර ආම්පන්න තහනම් කර නිබුනත් මේ වන විට නැවත එම තහනම ආම්පන්න සදහා  ධීවර ඇමතිවරයා විසින් ඇති බවයි.
මේ හේතුවෙන් සාගර පතුලේ නිඛෙන විවිධ මත්‍යස සම්පත් ශාක පැලැටි හා මසුන් විශාල වශයෙන් විනාශ වි යන බවත්  එම නිසා මසුන් විශාල වශයෙන් මිය යාම හේතුවෙන් මාළු මිළ ඉහල යාමත් සාමාන්‍ය ධීවරයින්ගේ රෑකියා බොහොමයක් අහිමි වන බව ධීවරයෝ පවසති.
හලාවත ධීවර එකමුතුවේ  සභාපතිවරයා ප්‍රකාශ කලේ මේ සම්බන්ධයෙන් වත්මන් ධීවර ඇමති වරයා සමග  සාකච්ජා වට කීපයක් පැවැත්වුවත් එයට කිසිම ප්‍රතිචාරයක් මේ වන විටත් ලැබි නැති බවය.NGB protest 2.jpg
මෙයට පිළිතුරු නොලැබෙන්නේ නම් මේකි සාමකාමි උද්ඝොසනය මාරාන්තික උපවාසයකට පවා හැකි බවට රැස්ව සිටින ධිවරයෝ එකාවන්ව කියා සිටිති.

මිගමුව වැල්ලවිදීය සාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන් ආරම්භ කල මෙම විරෝධතා පෙලපාලිය මිගමුව නගර මධ්‍යය ඔස්සේ මිගමුව නගර සභාව ඉදිිරිපිට හලාවත කොළඔ මාර්ගය අවහිර පරිදි උද්ඝොෂකයින් විරෝධ තාවයේ නියැලෙති .මේ හේතුව නිසා විශාල වාහන තදබදයක්ද මේ වන විට නිර්මාණය වි තිබේ.DSC_0669ඡායා  සහ තොරතුරු මුලාශ්‍රය – පියපේම මාණික්රත්න