කෝටිපති සෞඛ්‍ය කම්කරුවා යළිත් මිගමු මහනගර සභාවේ සේවයට..???

0
107

මිගමුව ගැන එදා රටම කථා කළ පුවතක් විය. එනම් සෞඛ්‍ය කම්කරුවෙකුගේ ගිණුමේ රුපියල් කෝටි ගණනක් තිබිම ගැනය.
ඔහු අත්අඩංගුවට ගැණුනි.
මේ සෞඛ්‍ය කම්කරුවා මිගමුව වත්මන් නගරාධිපති දයාන් ලංසාගේ ඉතාමත් සමිප හිතවත්ම සේවකයෙකි.
ඒ කොයිතරම් නම් කියනවා නම් 2016 ජුනි මස 02 වෙනිදා දයාන් ලංසා විසින් මේ සෞඛ්‍ය කම්කරුවා සිය සේවා මුර කාලය තුල සිටියදිම වගකිමක් බාර දි තිබුණි.
ඒ මිපුර කර්තෘ ප්‍රෙඩි ගමගේ හට පහරදිම සදහාය.
මේ කටයුත්ත වෙනුවෙන් එදා මේ සෞඛ්‍ය කම්කරුවා සිය සහෝදරයාවද යොදා ගෙන තිබුණි.
සේවා මුර කාලය තුලදිම මහනගර සභාවක් තුලදි මහනගර සබාවේ උපනගරාධිපතිවරයාගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරිම සදහ මාධ්‍යවේදියෙකුට මහදවල් මාරන්තික ප්‍රහාරයක් එල්ල කරන ලද ලංකා ඉතිහාසයේ එකම සිදුවිම මෙය විය.
එදා දායන් ලංසා ගැන රටමම කථා කළේය.
තතු එසේ වෙද්දි මිගමුව පොලිසියේ ඇතුමුන් මේ කොන්ත්‍රාත්තුව දුන් එවකට උපනගරාධිපති දයාන් ලංසාව පොලිසියට කැදවා අඩුම තරමින් පැමිණිලි විභාගයක් වත් සිදුකර තිබුනේ නැත.ඒ ඇතැමුන් තවමත් ලංසා පවුල වෙනුවෙන් නීතිය නමමින් සිටිති
දැන් යළිත් රටම කථා කරන්නට යෙදුන සිදුවිමක් ඉදිරියට පැමිණ ඇත.
එදා මාධ්‍යවේදියෙකුට මහදවල් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කිරිමට සෞඛ්‍ය කම්කරුවෙතු යොදාගත් දයාන් ලංසා හට ගම්වාසින් විසින් පහර දි තිබිම ගැනය.
මෙය සැබැවින්ම රාජ්‍ය ඇමති නිමල් ලංසාටද දැවැන්ත අවමානයකි.
ඒ කොයිතරම් යැයි කියන්නේ නම් රාජපක්ෂ පවුලේ ඇතැමුන්ට අයිති වෙබ් අඩවි වලින් පවා මේ ගැන රටටම හෙලිකරන්නට කටයුතු කර තිබුණ පසුබිමකය.
පහත පළවන්නේ මිපුර වෙබ් අඩවිය විසින් මේ කෝටිපති සෞඛ්‍ය කම්කරුවා ගැන අප මිට ඉහතදි පළකරන ලද ලිපියකි.
තුෂාන් ක්‍රිෂ්මාල් යන මේ සෞඛ්‍ය කම්කරුවා දැන් මිගමුව මහනගර සභාවෙ තුල යළිත් සේවයට බදවාගෙන ඇති බවද වාර්තාවේ.
ඉන් කියැවෙන්නේ මිගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරියගේ වෘත්තිභාවයේ තරම නොවේද ????

Thushan and team new
නාමල් රාජපක්ෂ සමිපයේම සිටින්නේ කෝටි 18 කම්කරුවාය
ranjan

මීගමුව දැන් රටටම පුවත් සපයන ප්‍රධාන නගරය බවට පත්ව ඇති සෙයකි. ඒ කුඩු හා බැදුන කුණු කථා ගොන්නක්ද සමඟින්ය. දැන් රටම කථා කරන්නේ කෝටි 18  ක් ගිණුමේ තිබුණ මිගමු මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවා ගැනය.
කවදත් කෙලින් කථා කරන සමගි බලවේගයේ සිටින එකම දේශපාලකයා වන රංජන් රාමනායක සිය ෆේස් බුක් ගිණුමේ අපුරු ඡායාරුපයක්ද සමගින් සටහනක් පළකර තිබුණි.
ඒ සමුහ ඡායාරූපය රටටම ඇත්තම ඇත්ත කථාවක් කියා ඇති එකකි.
රු කෝටි 18 ක් ගිණුමේ තිබුණ තුෂාන් ක්‍රිෂ්මාල් නම් සෞඛ්‍ය කම්කරුවා පොලිස් අත්අඩංගුවට පත්විමට දින 3නකට කලින් මිගමුවේ පැවැති සුපිරි සාදයකට සහභාගි වි තිබුණි.
එය පැවැත්වුණේ මිගමුවේ හෝටලයකදිය.
ඒ සාදයට දයාන් ලංසා විසින් ඇරයුම් කර තිබුනේ ඔහුට ඉතාමත් සමිපතයන්  වෙතය.
ඉනුත් සුපිරිම සමිපතයෝ සමුහ ඡායාරූපයකට පෙනි සිට ඇත.
රන්ජන් රාමනායක විසින් අද ඒ සමුහ ඡායාරූපය සිය ෆේස් බුක් ගිණුමට ඇතුලත් කර තිබුනේ අපුරු සටහනක්ද සමගිනි.
ඒ සටහන පසුගිය රාජපක්ෂ සමය රටටම යලිත් මතක් කර සිටින්නකි.
එනම් මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයකින් නිමල් ලංසා බැහැදැකිමට පැමිණි බදාගෙන තිබිම ගැනය.
දැන් තවත් ජවනිකාවකි.
ඒ නළුවාද රාජපක්ෂ කෙනෙකි.
ඔහු සමිපයේම මෙවර සිටින්නේ රු කෝටි 18 ක් ගිණුමේ තිබුණ සෞඛ්‍ය කම්කරුවාය.නාමල් රාජපක්ෂ තරුණ කටයුතු භාර ඇමතිවරයාද වෙයි.අනාගත රාජපක්ෂ පරපුරේ කිරුළ පළදින්නට සැදි පැහැදි සිටින රාජකුමාරයාද වෙයි
ස,ර් ගේ පාලනය නරක නැත
සෞඛ්‍ය කම්කරුවන්ගේද ගිණුම් පිරි ඉතිරි යන්නේ කෝටි ප්‍රකෝටි ගණන් වලිනි.
සෙරෙප්පු පැළද පාපැදියෙන් මීගමු මහනගර සභාවට පැමිණි දේශපාලකයන් අද විදේස් රටවල පවා ඉඩකඩම් නිවාස ඇති කෝටිපතියන්ය.
දැන් ඒ මග යන්නට තරම් ඔවුන්ගේ ඇසුරේ සිටින සෞඛ්‍ය කම්කරුවන්ටද පින පැහැදි තිබේ
මිගමුව දැන් පුංචි රෝමය යැයි එදා කියු නාමකරණයන් පසෙකට තල්ලු කරදමමින් කුඩු රෝමය නමින් යළි බෞතිස්ම ලබා ඇති සෙයකි.
මේ අනුව කෝටි 18 ගිනුම් හිමියා මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ මෙන්ම නිමල් ලංසාගේද නාමල් රාජපක්ෂගේද සමිපතම දේශපාලන බඩියෙකු බව රංජන් රාමනායක විසින් දැන් ලෝකයාටම හෙළිදරව් කර ඇත.
අපි හෙට සිදුවන්නේ කුමක්දැයි දෑස් අයා බලාසිටින්නෙමු..