පසුගියදා කෝටි හයක් පමණ වටිනා හෙරොයින් කිලෝ පහක් රැගෙන ආ පක්ස්ථාන ජාතිකයෙකු කටුනායක ගුවන්තොටුපොල මගී පර්යන්තයේදී පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. ඔහුව අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව තිබූ බෑගයක මෙම හෙරොයින් තිබී ඇති අතර එයින් ඇගවෙන්නේ ඔහු කෙසේ හෝ රේගු නිලධාරීන්ගේ කනින් රිංගා ඇති බවයි. මොහු මීට පෙරද ලංකාවට හෙරොයින් ගෙන ආ බවට සැකකටයුතු පුද්ගලයෙකු ලෙස සැකකරන පුද්ගලයෙකු බව පොලීස් පරීක්ෂණ වලින් හෙළි වී ඇති නම් මෙවැනි පුද්ගලයෙකුට ලේසියෙන් මෙපමණ කුඩුතොගයක් සමග එළියට පැමිණිමට හැකි වූයේ කෙසේ ද යන්න පිළිඳව සැකයක් මතුවේ.
මෙය අහම්බයක්ද ?නැතිනම් සැලැස්මක්ද?