කෝටි 18 ක් ගිණුමේ තිබුන සෞඛ්‍ය සේවකයා මිගමු නගරාධිපතිගේ බඩියෙක්ද ????

0
114

Bribe-for-Passport-Police-Verification-1024x682මීගමු මහනගර සභාවේ සෞඛ්‍ය කම්කරුවෙකුගේ ගිණුමේ රු කෝටි 18 ක් තිබුණ පුවත මිගමුව පුරා ලැව් ගින්නක් සේ පැතිර යද්දි කව්රුත් විමසිලිමත්වුයේ ඒ පුද්ගලයා කව්දැයි සෙවිමටය.
මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවන් මෙන්ම ව්‍යාපෘති කම්කරුවන් බහුතරයක් දෙනා යනු මීගමුව නගරාධිපති දයාන් ලංසාගේ මෙන්ම ඔහුගේ පවුලේ උවමනා එපාකම් වෙනුවෙන් හැමවිටකම සැදි පැහැදි උන් පිරිසක් විය.
පසුගිය මැතිවරණ සමයේදි එය වඩාත් ඉස්මතුවි  පෙනුණි.
ඒ නිමල් ලංසාගේ මැතිවරණ ව්‍යාපාරය තුල මේ බහුතරයක් දෙනා කටයුතු කළ ආකාරයෙන් එය ඔප්පුවිය
මේ අතර මේ ඇතැම් සෞඛ්‍ය කම්කරුවන් කටයුතු කර තිබුනේ මහනගර සභාවේ ඉහලම නිළධාරින්ටත්ත වඩා උසස් අයවලුන් ලෙසිනි. සුපිරි ලෙසින් ඇද පැළද සපත්තු දමා අන් කම්කරුවන්ට වඩා වෙනස් දිවි පෙවතක් ගත කළ පිරිසක්ද ඒ අතර විය.
අනික් කම්කරුවන් කාණුවල බැස මඩ නාගෙන කම්කරු සේවාවන් වන නිරතවෙද්දි ඇතැම් පිරිසක් ලංසා පවුලේ දේශපාලන මෙන්ම පවුලේ වෙනත් උවමනාවන්ද සපුරා ලමින් කටයුතු කළ අතර ඒ වෙනුවෙන් මහජන බදු මුදලින් පඩි ලබන්නට තරම් මේ සේවකයෝ වරප්‍රසාදලාභි අයවලුන් විය.
දැනට රටේම කථාබහට ලක්ව සිටින කෝටි 18 ක් ගිණුමේ ඇති මිගමුවේ සෞඛ්‍ය සේවකයා මේ අප කියන අන්දමේ විශේෂ සේවක කණ්ඩායමේ එක් අයෙකුදැයි යන සැකයක් මේ වන විට ප්‍රබල ලෙසින් මතුවෙමින් තිබේ.
මේ පිරිසේ  ඇතැමුන් නගරාධිපති දයන් ලංසාට ඉතාම සමිපම සිටිමින් ඔවුන් වෙනුවෙන් විවිධ මැරකම් පවා කරන්නට මුල්ව තිබුන අතර මේ වැඩිදෙනා කටයුතු කර තිබුනේ නගරාධිපතිගේ ආරක්ෂාව මෙන්ම මිගමුව මහනගර සභාවේ තුන්වෙනි පංතියේ කොමසාරිස්තුමියගේද නොමද ආරක්ෂාව මෙන්ම ආවරණයද ඇති බව ඉතා හොදින් දන්නා නිසාය.
කෙසේ වෙතත් එළිවෙන  ජාමෙට හොඳ හොඳ සෙල්ලම් රටටම දැක ගත හැකි වනු ඇත
නිතියට පිටින් යමින් මිගමුවේ ඇතැම් රාජ්‍ය නිළධාරින් මේ සුපිරි සෞඛ්‍ය කම්කරුවන්ට රැකවරණය දි තිබුණ අයුරු ගැනද තතු හෙළිවනු  ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here