”කෝදුරුවා” පොලිසියට කොටුවෙයි.

0
623

Negombo-News මීගමුව පොලිසිය විසින් හොරු කල්ලියක් කොටුකරගෙන තිබේ.වෙන්නප්පුව දංකොටුව සහ අවට ප්‍රදේශවල ගෙවල් මංකොල්ල කා ලක්ෂ ගණන් වු රන්භාණ්ඩු ගේ දොර ූඋපකරණ මේ කල්ලියේ සන්තකයේ තිබි හසුව ඇත.

සාමාන්‍යයෙන් හොර කල්ලි විසින් නිවෙස් මංෙකාල්ල කෑමේ විවිධ ක්‍රම ඇති බවත් මේ කල්ලිය නිවැසියන් නැති අතරේ වහලෙන් නිවසට බැස මේ මංකොල්ලයන් සිදුකර ඇති බවත් පොලිසිය පවසයි .

26 වියැති හොර කල්ලියේ නායකයා විසින් තවත් තරුණයන් දෙදෙනෙක් මේ කටයුත්ත ට විශේෂ පුහුණුවක් ලබාදි මේ මංකොල්ලකෑම් සදහා යොදවාගෙන ඇත.මෙම කල්ලි නායකයා කොදුරුවා යන අන්වර්ථනාමයෙන් හදුන්වනු ලැබේ.