කෝපි කෝප්පයක ජිරාපියෙකු මවන ‘ලැතේ ‘ 3 D කලාව

0
114

ජපානය කෝපි පානයට ආගන්තුක රටක් නොවන   බවත්  කෝපි  සහ කිරි මිශ්‍රව නිපදවන   කපුචිනෝ නම් පානයට එක්වී ඇති ‘ ලතේ ආර්ට් ‘ නම්වූ කෝපි විලාසිතාවක් පිළිබද ආඩම්බර කතාවන් ජපානයේ බ්ලොග්කරුවන්ගේ  සටහන් තුළ කියවෙයි. කෝපි පරිභෝජනය කරන රටවල් අතරින්  ජපානයේ කෝපි  තුන්වන මට්ටමේ කිබෙන බවට ජපානයේ කෝපි නිෂ්පාදනයට සම්බන්ධ ආයතනය පවසනවා. ( All Japan Coffee Association )
උණුසුම් පෙන කැටි මත නැගුන නිර්මාණ පිළිබද   ජනප්‍රිය ඡයාරූප  මාධ්‍ය  මගින් නිකුත් කර තිබෙන අතර  ඒ මගින් කෝපි පානය යම් ආකාරයකට උත්කර්ෂවත් තත්ත්වයකට  පත්ව තිබෙනවා. බෝහෝමයක් කෝපි අවන් හල් විසින්  අසන්නේ ඔවුන්ගේ  ‘ලැතේ කලාව”  උසස් කලානිර්මාණයක් බවට පත්විය යුතු නොවේ ද කියාය
3DlatteArt
ටෝකියෝ ජාත්‍යන්තර  ගුවන්තොටුපළේ  ඇති අළෙවි යන්ත්‍රයෙන් ලබාදෙන කපුචිනෝ කෝප්පයෙහි  ජපන් සම්ප්‍රදායික කාන්තාවකගේ   මුහුණතක්  තිබෙනවා.
එම මෝස්තරය  නිර්මාණය කර තිබෙන්නේ  රූපලාන්‍ය  ද්‍රව්‍ය නිෂ්පාදන ආයතනයක් වන  ‘යෝජියෝ ‘ නැමති ආයතනයයි.
2010 දී ජපානයේ  ‘හරුනා මුරායාමා ‘  Haruna Murayama   විසින්  ලෝක ‘ලැතේ ‘ කලා  ශූරතාවය දිනාගත් අතර මේ වන විට පැතලි ලැතේ කලාව  මුළු රටේම ජනප්‍රියයි.
ට්විට්කරුවන් විසින් ‘ලැතේ කලාවේ  හැඩතල වල විශේෂත්වය ගැන , එ්ම නිර්මාණ වන කොල වර්ග, ටෙඩි බෙයාර්, ජනප්‍රිය සත්ව ලාංජන, මෙන්ම අන්තර්ජාලයට සම්බන්ධ චිත්‍ර පිළිබදව ඔවුන්ගේ මාධ්‍ය මගින් ප්‍රදර්ශනය කර තිබෙනවා..
යූ ටියුබ් භාවිතකරුවෙක්  විසින් වීඩියෝ  පටයෙන්  පෙන්වා දී තිබුනේ, චොක්ලට් ක්‍රීම් වලින් කෝපි කෝප්පයක   යම් කෙනෙකුගේ  හැඩතලයක් අදින අයුරුයි Nowtoo Sugi


ඒ වගේම තවත් නිර්මාණකරුවෙකු විසින් මෙම නිර්මාණය තවත් දිසාවකට යොමු කොට තිබෙනවා. ඒතමයි  පෙන දමන 3 D  රූපයක් ඒ මත නිර්මාණය කිරීම.
foamart-promo

කසුකි යමෝ  මොටෝ  ‘ලැතේ’  කලා ු ගුරුවරයෙක්.   ඔහු ඒ පිළිබද ඡායාරූප  ඔහුගේ    Twitter  පිටුවේ පළකර තිබෙනවා. ඔහු ඔහුගේ ලැතේ නිර්මාණ  ගැන පවසන්නේ ‘ කපුචිනෝ වල අතිරික්ත කාලය’ කියායි.  අමතර කාලයකින් නිර්මාණය වෙන මෙය ශ්‍රේෂ්ඨ ප්‍රතිපළයක් වගේම මහන්සියක ආදරණිය ඵලයක්  ලෙසත් ඔහු හදුන්වනවා.

mqdefault
තවත්  පින්තූර –  https://twitter.com/george_10g/media/grid

ග්ලෝබල් වොයිස්  වෙතින් උපුටා දක්වා තිබූ Ayako Yokota ගේ බ්ලොග්
අඩවියේ පළවූ  ලිපියක් ඇසුරෙනි.
b637c459d984df9c40e67508d5eccb06

 

 

Ayako Yokota