කෝපි වලින් කියැවෙන මීගමු ධීවරයින් ගේ ජිවිත කථාව….

0
158

coffee-caffeinated-historyකෝපි  යනු  දුප්පත්  පොහොසත්  භේදයක්   නැතිව  බීමට  ගන්නා  පානයකි. මීගමුවේ  මිනිස්සු  සාම්ප්‍රධායිකව  කෝපි නිතර   බීමට  ගන්නා  පානයක්  බැවින් ,  ඒ පිළිබදව  ඔවුන්  සමග  අදහස්  බෙදා  ගැනීමට    කිහිප  දෙනෙවැඩිහිටිකු  සමග  කථාබහකට  යොමුවුනේ  මෙසේය.  අපි  පළමුව  මේ ගැන  සාකච්ඡා  කිරීමට මුන්නක්කරයේ   ජෝන්  සිරිල්  මහතා  හමුවුනෙමු.   ඔහුලේ  වයස  අවුරුදු  85කි.   ඔහු මේ  පිළිබඳ ව  අප සමඟ  දොඩමළුවූයේ  මෙසේය.

ජෝන් සිරිල් මහතා
ජෝන් සිරිල් මහතා

මේ  ප්‍රදේශවල  කෝපි  වලට  වැඩි  කැමැත්තක්  දක්වන්නෙ  ඇයි?

කෝපි බොනඑක පරම්පරාවෙන්  එන  සිරිතක්.  අපේ  ආච්චිල,  සීයල ,  අපේ අම්මල  කෝපි  බීම පුරුද්දක්  ලෙස  කරගෙන  ආව. පාන්දර  අපි  රස්සාවට  යන්න  ඉස්සරවෙල  අපේ  පවුල  කෝපි  එකක්  හදල  දෙනව.තේ  ටිකක්  බිව්වහම  තිබහ  විතරයි  යන්නෙ. කෝපි  වලින්  බඩ  ටිකක්  පිරෙනව.එතකොට  බඩගිනි  නැතිව  ටිකක්  වෙල  ඉන්න  පුළුවන්.

කොහොමද  හදන්නෙ?

කෝපි  ඇට  කඩවලින්  තමයි  ගන්නෙ. දැන්ඉතින්  අඹරන  තැන්  තියෙනව.  මං හිතන්නෙ නම්  ගෙදර  කොටාගන්එක  තමයි  සුදුසු. ඉස්සර කාලෙ  නම්  කෝපි   හැළියක දාල  ලිපේ තියල  පදමට  රත්කර ගන්නව.  ඊට  පස්සෙ  කොටා  ගන්න ඕනෙ.  ඉස්සර  ගෙවල්වල  මෝල්ගස්  වංගෙඩි,  එහෙම  තිබුනා.  අපේ මිනිස්සු  ඉතින්  ඒව  ගෙදර  තමයි  කරගත්තෙ. කුඩුකර  ගත්තට  පස්සෙ  ඒවයෙ  තියෙන  කප්පි  එහෙම  අයින්කරල  බෝතලේක  දාල  තියාගන්නව. ඊට  පස්සෙ  අපිට  ඕන  වෙලාවට  අරගෙන  බොනව.

දැන්  කෝපි  බීමෙ  අඩුවක්  තියෙනවද?

අපේ පැත්තෙ  මිනිස්සු  නම්  උදේ  හවස  බොනව.  අඩුවක්  පේන්න නෑ. සමහරු  කොත්තමල්ලි පවා   දානව. අසනීප  ගතියක්  තියෙනවනම්  සුදුළූනු  ටිකක් දාල  බිව්වහම  අඩුවෙල  යනව. ඒවගේම  සනීප  වෙලත්  තියෙනව.  මෙහෙ  මුන්නක්කරය,  මහවීදිය,  වැල්ලවීදිය  කියන  හැම  තැනම  කෝපි  පානයට  මුල්  තැනක්  තියෙනව.

සිරිවර්ධන  පෙදෙසේ   පිළමිනා ( 63 ) මේ ගැන  අදහස්  දැක්වූයේ  මෙසේය.

????????????????????????????????????

කෝපි  කියන්නෙ  ඖෂධයක්.   බඩේ අමාරු,  ඔළුව කැක්කුම  වගේ  දේවල්  වලට  කෝපි  හො ඳයි. අපේ  ගෙවල්වල  උදේට  හැන්දෑවට  කෝපි  බොනව. වේළුනු  ඉගුරු  ටිකක්  සමහර  වෙලාවට  කොත්තමල්ලි  ටිකක්  දානව. එතකොට  රහකුත්  තියෙනව  සුවදකුත්  තියෙනව.

මරිය බර්තා  ජෙසිලිනා  ප්‍රනාන්දු  (අවුරුදු  82)

????????????????????????????????????

අපේ  දෙමව්පියො  නිසා  තමයි  අපිත්  කෝපි  බොන්න  පුරුදුවුනේ.   තාත්ත  මුහුදු  රස්සාව  කළේ.  රස්සාවට  යන්න  කළින්  කෝපි  වක්කරල  දෙනව  ආවට  පස්සෙත්  කෝපි  තමයි  හදල  දෙන්නෙ.  සමහර  වෙලාවට  බඩගිනි  හැදුනහමත්  කෝපි ටිකක්  බොනව.

කුමාර (42)  

අපේ  ධිවරයො   හුඟක්  මහන්සිවෙන  අය.   අව්ට  වැස්සට   දෙකටමත්,  ශීතල  වෙලාවටත්,  රස්සාවට  ගිහිල්ල  මහන්සිවෙල  එනකොට  කෝපි  එකක්  බොන්න  ඒගොල්ලො   ආසයි.  සමහර  වෙලාවට  ආහාරයක්  විදිහටත්  කෝපි  බොනව. ගෙදරට   කව්රුහරි  ආවත්,   කට්ටියක්  එකතුවෙල  කතාකරකර   ඉන්න  වෙලාවටත්  කෝපි  කෝප්පයක්  බොනඑක  සිරිතක්.

ඔවුන්  හිරු  උදාවන්නට  පෙරත්,  හිරු  බැස ගියාට  පසුත්  තේ  පානය  කිරීමෙන්  සතුටක්  ලබයි..
තම  කටෝර  දිවියට  සියළු  දෙනා  එකතුවී  කරන  ඕනෑම  කටයුත්තකදී  කෝපි  කෝප්පයට  විශේෂ  තැනක්  හිමිවේ. අද වුවත්  ධිවර  කාන්තාවන්  බීඩි ඔතන  තැන,  තරුණයින්  කැරම්  ගහන තැන, කාඩ් සෙල්ලම්  කරන  තැන  ,සහ  සතුටු  සාමීචියේ  යෙදී  සිටින  තැන  කෝපි  නැතුවම බැරි  පානයක්  බවට  පත්වී  ඇත. එනිසා  මෙම  ප්‍රදේශවල  කෝපි  යනු  ඔවුන්  ගේ  ආහාර  සංස්කෘතියේ  එක්  අංගයක්  වී  ඇතිබව  පෙනේ.

 


සටහන – සැම්සන් ඥානසිරි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here