කෝවිඩ් නපුරු සිහිනය වෙනුවෙන් ‘සිහින එන්නතක්’ සොයා ගත් අඹු සැමියන් දෙදෙනා…

0
100
123915222_10221678822814368_7635434925121636542_nප්රධාන ධාරාවේ සියළුම ගෝලීය මාධ්ය විසින් ඊයේ වාර්තා කරන ලද කෝවිඩ් 19 සඳහා සාර්ථක ලෙස අත්හදා බලමින් යන එන්නත පිටුපස සිටිනා විද්යාඥ දෙපල ගැන ඩෙලි මේල් වෙබ් අඩවිය අද පුවතක් රැගෙන එනවා. කෝවිඩ් 19 සඳහා Pfizer සහ BioNTech සමාගම් විසින් අත්හදා බලමින් තිබෙන මේ එන්නත ගැන මුල්ම උණුසුම් පුවත රැගෙන ආවේද ඩේලි මේල් ඔන්ලයින් පුවත් පතයි (ඒ ගැන මම මගේ පිටුවේ මීට කලින් සටහනක් තබා තිබෙනවා).
ඇමෙරිකානු ජනාධිපතිවරණය අවසන් වූ අල්ල පනල්ලේම මේ එන්නත පිළිබද පුවත එළියට පැමිණීම ගැන කුමන්ත්රණ න්යාය කරුවන් ද සැක පළකරනවා. ඒ වගේම මෙතෙක් තරඟකාරී ලෙස සොයාගත්තා යැයි කියනු ලබන කිසිදු එන්නතක් සොයා ගත්තේ කුමන පුද්ගලයින්ගේ විශේෂඥ මැදිහත් වීම මත ද යන්න ගැන ද කිසිදු පුවතක් වාර්තා වන්නේ නැහැ.
කෙසේ වුවත් Pfizer සහ BioNTech සමාගම් විසින් හඳුන්වා දී ඇති මෙම තීරණාත්මක සහ දෛවෝපගත එන්නතේ සමාරම්භකයින් ලෙස සැලකෙන්නේ උගුර් සහින් (Ugur Sahin) සහ ඔයිස්ලම් ටියුරේසි (Oezlem Tuereci) නම් දෙපළක්. උගූර් තුර්කි ජාතිකයෙක් වන අතර පසුව ඔහු ජර්මනියට සංක්රමණ වී තිබෙනවා. ඔහුගේ බිරිඳ වන ටියුරේසි ද එසේම තුර්කි පසුබිමක් සහිත වෛද්යවරයෙක්ගේ දියණියක් වන අතර ඇය ද පසුව ජර්මනියට සංක්රමණය වී තිබෙනවා. ටියුරේසි BioNTech සමාගමේ අධ්යක්ෂිකාවක් වන අතර ඇය තම වෛද්ය වෘත්තීය තුළ මිනිස් ප්රතිශක්තිය (human immunity) පිලිබඳ විශේෂඥතාවක් අත් කරගෙන තිබෙනවා. කෝවිඩ් වෛරසය පැමිණීමට පෙර ඔවුන් විශාල වශයෙන් කාලය කැප කර ඇත්තේ පිලිකා රෝගය සඳහා ප්රතිජීවක ඖෂධයක් සොයා ගැනීම සඳහා වෙහෙස වීමටයි.
මෙම ගෝලීය වසංගතය වෙනුවෙන් එන්නතක් නිපදවීමේ සහ එය සාර්ථකව අත්හදා බැලීමේ තරඟයෙන් මේ අනුව Pfizer සහ BioNTech සමාගම් ඉදිරියට පැමිණ තිබෙනවා. දැනට එන්නත් කර ඇති විශාල පිරිසකට (90%) අතුරු අබාධ රහිතව මෙම එන්නත සාර්ථක ප්රථිපල අත්පත් කර දී ඇති අතර එම ශුභ ආරංචිය සමග යුරෝපයේ කොටස් වෙළඳපළ මිළ ගණන් මේ අනුව ඉහල නගිමින් පවතිනවා.
උගූර් සහ ඔහුගේ බිරිඳ සතු මෙම වෛද්ය රසායනාගාර සමාගම් හේතුවෙන් ඔවුන් ජර්මනියේ පොහොසත්ම සිය දෙනා අතරට එකතු වෙනවා. කොතරම් මුදල් තිබුණද උගූර් අදටත් තම රැකියාව සඳහා පැමිණෙන්නේ තම මවුන්ටන් බයිසිකලයෙන් බව සඳහන් කරන්නත් ඩේලි මේල් වෙබ් අඩවිය අමතක කරන්නේ නැහැ.
කෙසේ වුවත් ගෝලීය වශයෙන් තවත් එන්නත් ගණනාවක් වැඩිදියණු කිරීම සඳහා මේ මොහොත වන විටත් මිනිස් බුද්ධිය සහ විශේෂ ප්රාගුන්ය වැය වෙමින් පවතිනවා. එහෙත් කුමන එන්නත පැමිණියත් තව යම් කාලයක් සඳහා දැන් අනුගමනය කරන ‘නව සාමාන්ය පුරුදු’ දිගටම අනුගමනය කරන ලෙස ලෝක සෞඛ්ය සංවිධානය මුළු ලෝක ප්රජාවෙන් ඉල්ලා සිටිනවා.
මේ පුවත මගේ පිටුව කියවන පාඨක ප්රජාව වෙනුවෙන්.
මහේෂ් හපුගොඩ
මුල් පුවත සඳහා https://www.dailymail.co.uk/…/The-husband-wife-covid…
Images@DailyMail