ඛේදවාචකය තුළ මතුවන වේදනාව සහ සහෝදරත්වය

0
105

DSC_0330.jpg-new

මීගමුව  ප්‍රධාන  මුස්ලිම්  පල්ලිය  ඉදිරිපිට   අදදින  සුදු පැහැති  පතාක  වලින්  සරසා   මල්  සහ  මල්වඩම්  තබා  ශෝකය  ප්‍රකාශ  කිරීමේ  අවස්ථාවක්  බවට  පත්කර  තිබින.   එයට  හේතුවක්  වූයේ  21  දා  කටුවපිටිය  ශාන්ත  සෙබස්තියන්  දේවස්ථානයේ  සිදුවූ  මහා  ව්‍යසනයයි.  පල්ලිය  ඉදිරිපිට එල්ලා  තිබුනු  බැනරයේ “  සිදුවූ  ම්ලේච්ඡ  ප්‍රහාරයට  අපගේ  විරෝධතාවය  හා  සිදුවූ  හානිවලට  සාතිශය  සංවේගය,,  යනුවෙන්  දක්වා  තිබින.

මේ  සම්බන්ධව  අදහස්  දක්වමින්  පල්ලියේ  ප්‍රධානියෙකු වූ  රමිශ්  මහතා  අප සමඟ  පැවසුවේ  මෙවන්  අදහසකි. “  මේ  සිදුවීම  ගැන  අපිට  ලොකු  කණගාටුවක්  තියෙනවා.  මීගමුව  නගරයේ  ජීවත්වන  බෞද්ධ,  කතෝලික  ජනතාවගෙන්   අපිට  මෙපමණ  කාලයක්  කිසිම  කරදරයක්  වෙලා නෑ.  ඒ  අය  අපිත්  එක්ක  මිත්‍ර  කමින්  ජීවත්වුනා.  ඒ  ගැන  අපිට  ලොකු  විශ්වාසයක්  තියෙනවා.  පිටින්  ආවොත්  තමයි  යමක්  සිද්ද වෙනවනම්  වෙන්නෙ.  අපිට  ලොකු  බියකුත්   දැනෙනවා.  අපිට  මේ  අවසන්  කටයුතු  වලට   සම්බන්ධ  වෙන්න  හැකියාවක්  නැති  නිසා  ඒකත්  කණගාටුවට  හේතුවක්.  පොඩි  සිදුවීම්  ඇතිවෙල  තියෙනව.    ඒක  ගනන් ගතයුතු  නෑ.  ඉස්සරහදි  වෙන දේවල්  ගැන  බැලිය යුතුයි.  අපි  රජයෙන්  ඉල්ලා  සිටින්නෙ මෙහෙට  ලැබිල  තියෙන  ආරක්ෂාව   ප්‍රමාණවත්  නැති බවයි.  ඒනිසා  අපිට  මීට වඩා  ආරක්ෂාවක්  ලැබිය යුතුයි  කියලයි  කියන්නෙ,,

21  දා  රට පුරා  කලබල  ඇති  කරමින්  මතුවූ   ත්‍රස්තවාදී  ක්‍රියාව   සිදුවී  ඇති  ආකාරය   අපට  පැහැදිළිය. එය  සංවිධානයවූ  වෙනම  කල්ලියක  මෙහෙයවීමෙන්  සිදුවූවකි.  මේ  සඳහා  සාමාන්‍ය  මිනිසුන්ගේ  සම්බන්ධතාවයක්  නැත.  එසේම  මියගිය  අහිංසක  මිනිසුන්ගේ  ඥාතීන්ට  දැනෙන   වේදනාවත්,  ඒ වෙනුවෙන්  ශෝකය  ප්‍රකාශකරන  මේ  අහංසකයින්ගේ  වේදනාවත්,  නිසි බරින්  තේරුම් ගතයුතුය. රමිශ්  මහතාගේ  කථාව තුළින්  ඔවුන්ගේ  හැඟීම  සහ   මුස්ලිම්  ජනතාවගේ  සහෝදරත්වයේ   පනිවිඩයද  අපි  අවබෝධ  කර ගතයුතුව  ඇත.