ගංවතුරින් පීඩා විඳින්නන්ට NLWA උපකාරය

0
64

IMG-20191018-WA0001

පසුගිය දිනවලදී ගංවතුරින් පීඩාවට පත් රබර් වත්ත , ගෝමස් වත්ත සහ ඒ අවට ප්‍රදෙශවාසීන් සඳහා ආහාර සහ අවශ්‍ය අනෙකුත් උපකරණ බෙදාදීමක් අධියර කිහිපයක් යටතේ සිදු කරන ලදී . මේ සඳහා මැදිහත් වීමක් සිදු⁣කළේ මුස්ලිම් පල්ලිය සහ ඊට සම්බන්ධ විවිධ සමාජ මෙහෙවරයන්හි නි⁣යුක්ත නායකයින් විසිනි. මේ සම්බන්ධව අද දිනයේදී සිදුකල මෙට්ට බෙදාදීමට මූලිකත්වය ගත්තේ පෙරියමුල්ල NLWA සුභ සාධක සංගමයයි.

බහරේන් හි DISCOVER ISLAM ආයතනය සහ NLWA ආයතනය එක්ව සිදුකල මෙම සද් කාර්‍ය සඳහා බහරේන්හි සුහේර් මහතා සහ මොහොමඩ් හස්නි මහතා දායකත්වය සපයන ලදී. එසේම මෙම අවස්ථාව සංවිධානය කිරීමට ප්‍රසිද්ධ දේශක සෙයික් අබ්දුල්ලා අබ්දුල් රහුමාන් , මාධ්‍යවේදී සහ අන්තර් ආගමික සහජීවන සංගමයේ සභාපති මුනීර් සහ තාක්ෂණ ,ශ්‍රීලංකා UTV මාධ්‍ය ඒකකයේ සභාපති මොහොමඩ් අහ්සන් යන අය සහභාගී විය.
ශ්‍රීලංකා UTV මාධ්‍ය ඒකකයේ සභාපති මොහොමඩ් අහ්සන් යන අය සහභාගී විය.

පසුගිය දිනවලදී ඇතිවූ අවාසනාවන්ත සිදුවීම දඩමීමා කර ගනිමින් මුස්ලිම් සහ කතෝලික ජනතාව අතර විරසකයක් ඇති කිරීමට කටයුතු කළ ප්‍රතිගාමී කොටස් වලට මෙකී කටයුත්ත විසින් පැහැදිළි පිළිතුරක් ලබාදී ඇත . මේ සම්බන්ධව අදහස් දැක්වූ මුනීර් මහතා සඳහන් කළේ ඉදිරියටත් මෙවැනි කටයුතු සූදානම් කරමින් මෙම සහජීවන ක්‍රියාවලිය ඉදිරියටම ගෙනයන බවයි.