ගංවතුරෙන් මීගමුවේ ජනතාවටත් පීඩා

0
84

(12.35pm) පසුගිය දිනවල පැවති වර්ෂාව හේතුවෙන් මීගමුවේ සමහර ප්‍රදේශ වලට ජලයෙන් පීඩා ඇතිවී තිබූ අතර අද වනවිට එම තත්ත්වය පහව යමින් තිඛෙන බව මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වාර්තා වේ. ඊයේ වනවිට තිබුනු ගංවතුර තත්වය ක්‍රමයෙන් අඩුවන බව ප්‍රාදේශීය ලේකම් කාර්්‍යාලයේ ආපදාකළමණාකරණ අංශය භාරව සිටින සොනාලි මහත්මිය අප සමග පැවසීය.මේ අනුව වසම් තුනක් පිළිබදව ගත් තොරතුරු මෙසේවිය.

ගංවතුරෙන්  පීඩාවට පත්  පවුල් සංඛ්‍යාව සාමාජික සංඛ්‍යාව   A--Negombo-(20)-(edited)-728235

(23)- ඒත්තුකාල – පවුල් සංඛ්‍යාව 14
සාමාජික සංඛ්‍යාව      75

පලගතුරේ –  පවුල් සංඛ්‍යාව   12
සාමාජික සංඛ්‍යාව  55

කොච්චිකඩේ– පවුල් සංඛ්‍යාව     – 11
සාමාජික සංඛ්‍යාව –   36

අද(24) ඒත්තුකාල – පවුල් සංඛ්‍යාව 8
සාමාජික සංඛ්‍යාව –   62

පළගතුරේ –         පවුල් සංඛ්‍යාව      6
සාමාජික සංඛ්‍යාව   32

කොච්චිකඩේ   – පවුල් සංඛ්‍යාව     5
සාමාජික සංඛ්‍යාව   20

මේ වසම් 3නේ ගංවතුර තත්වයට පාත්‍රවූ පවුල් සංඛ්‍යාව 37 සිට 19 දක්වා අඩුවී ඇතඑසේම සාමාජික සංඛ්‍යාව 166 සිට 114 දක්වා අඩුවී ඇතමේ අනුව ගෙවල් තුළ ජලය නැති අතර වතුවල පමණක් සමහර තැන්වල තවමත් ජලය රදා පවතී.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here