ගණිතඥයින් අවැසි තැනට නැට්ටුවෝ -වෛද්‍යවරයෙක් එපා කි සෞඛ්‍ය කාරක සභාවක්????

0
79

මීගමුව නාගරික මන්ත්‍ර මණ්ඩලය 26 දෙනෙකුගෙන් සමන්විතය.විපක්ෂය නියෝජනය කරමින් රජයේ ලියාපදිංචි වෛද්‍යවරයෙක්ද මේ අතර වෙයි.පසුගිය කාරක සභා පත්කරගැනිමේදි මේ වෛද්‍යරවයා පවසා තිබුනේ තමන්ගේ දැනුම ප්‍ර යෝජනයට ගැනිම සදහා තමන් ට සෞඛ්‍ය කාරක සභාවේ අවස්ථාවක් ලබාදෙන ලෙසය. එහෙත් එදා ඊට ඉඩක් තිබුනේ නැත.එහෙත් ඔහුට එදා පොරොන්දුවක් දෙමින් නගරාධිපතිවරයා පවසා තිබුනේ මෙම කාරක සභාව තාවකාලික පමණක් හෙයින් ස්ථිරකාරක සභාවන් සදහා තෝරාගැනිමේදි හෙන්රි රොසාරියෝ වෛද්‍යවරයාට අවස්ථාවක් දෙන බවය.

එහෙත් ඒ පොරොන්දුව ඉටු කිරිමට නගරාධිපතිවරයා අපොහොසත්ව ඇත.6 දෙනෙකුගෙන් සමන්විත මෙවර සෞඛ්‍ය කාරක සභාවේ අදාල විෂය ගැන මෙලෝ මල බෝලයක් ගැන නොදන්නා 6 දෙනක් අතරේ හෙන්රි රොසාරියෝ වෛද්‍යවරයාගේ නම නැත.මේ නිසා විෂය ගැන දැනුමක් ඇති අයෙක්ගේ සේවාව මීගමුවේ ජනතාවට අහිමිව ගොස් ඇත.මේ පිටුපස ඇත්තේ එක් ඇත්තකි එනම් වැල්ලවිදිය පවුල් දේශාපාලන කුටුම්භයට මේ වෛද්‍යවරයා කොන්ද නොනමන නිසාද……??????මේ කාරක සභාවට පත්ව ඇති අයගේ නම් කියවා වෙනස වටහා ගන්න.