ගණිතය ප්‍රශ්ණ පත්‍රයේ ප්‍රශ්ණයට සාධාරණයක් ඉටු කරනවා – අධ්‍යාපන ඇමති

0
68

355123ddea3960cfae53b71ebaf50825_XL

මේ වන විට අවසන්වී ඇති අපොස සාමාන්‍යපෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය සිසුන්ට ඉතාමත් අසීරු ප්‍රශ්ණපත්‍රයක් බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිදුකල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අධ්‍යාපන ඇමති අකිල විරාජ් මහතා සදහන් කර ඇත්තේ මෙම තත්වය සියළුම සිසුන්ට පොදුෙව් බලපාන තත්වයක් වී ඇතිනම් ඒ සම්බන්දයෙන් සාධාරණයක් ඉටුකරන ලෙස තමන් විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති බවයි.

විභාග ප්‍රශ්න පත්‍ර නිර්මාණය කරන්නේ පහසුවෙන් පිලිතුරු සැපයීමට නොවන බවත්,විභාගයකදී සිදුවනනේ විභාග අපේක්ෂකයන්ගේ තරගකාරීත්වය මැන බැලීම බවත්,අපහසු හා කාලය ප්‍රමාණවත් නොවන ලෙසට ගණිතය ප්‍රශ්ණ පත්‍රය සම්බන්දයෙන් වන චෝදනාව පිලිබදව සියළුම සිසුන්ට බලපාන තත්වයක් වී ඇත්නම් ඒ පිලිබදව සාධාරණයක් ඉටු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුවට දන්වා ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කර ඇත.