පළාත් පාලන නීති ප්‍රකාරව කිසිදු අවසරක් ලබාගෙන නැති මේ නීති විරෝධි පාලමට මිගමුවේ කුප්‍රකට දුෂිතම නිලධාරියා වු රන්මුතු නැමැත්තා විසින් අවසර දි ඇතැයි අදාල මේ අනවසර පාලම ඉදිකරමින් සිටින ඉඩම් හිමිකාරිය මාධ්‍ය හමුවේ පසුගියදා පවසා සිටියේය.
ඒ අනුව ගමක් විපතට පත්කරමින් සුළු වැසි තත්වයකදිදි මහත් පිඩාවකට පත්වන ජනයාට තවත් විපත් ගෙන දෙමින් මීගමුව මහනගර සභාවේ තාක්ෂණික නිලධාරියෙකු වන රන්මුතු නැමැත්තා නීති විරෝධි ක්‍රියාවක නිරතව සිටි.
මාධ්‍ය විසින් මෙන්ම ප්‍රදේශවාසින්ද කල ප්‍රශ්ණ කිරිම් හමුවේ අදාල ප්‍රදේශය භාර තාක්ෂණික නිළධාරිණිය වන දිනිති මහත්මිය එම ස්ථානයට ගොස් අදාල ඉඩම් හිමිකාරියට කියා සිටියේ මිගමුව මහනගර සභාවෙන් නිසි අවසරයක් ගෙන නොමැති නිසා මේ අනවසර පාලම ඉදිකිරිම නවතා දැමිය යුතු බවය