ගමටම ඩෙංගු බෝකළැයි ග්‍රැන්ඩිසා හෝටලයට ගම්වාසින්ගෙන් චෝදනා ?

0
46

dengu protest 10.JPG.JPG.JPGමීගමුව කුරණ කලපුවට යාබදව පිහිටා ඇති අති සුපිරි පන්තියේ හෝටලයක් වු ග්‍රැන්ඩිසා හෝටලය නිසා ඒ අවට ගම්වාසින්ට ඩෙංගු  ගොදුරුවන්නට සිදුව ඇතැයි යන චෝදනාව මත අද උදෑසන මේ හෝටලය ඉදිරිපිට විරෝධාතාවක් සංවිධානය කර තිබුණි.
විවිධ වයස් මට්ටම් වලින් යුත් හෝටලය අවට සිටින ගම්වාසින් මේ උද්ඝෝෂණයට එක්ව සිටියහ.
මේ සම්බන්ධයෙන් අප අමතා කථා කළ ග්‍රැන්ඩිසා හෝටලයේ එක් හිමිකරුවෙක් වන ඩන්ස්ටන් ගොළුහේවා මහතා කියා සිටියේ තම හෝටල් භුමිය තුලදි ඩෙංගු කීටයන් හමුවිව තිබුණාය යැයි කියන චෝදනාව ප්‍රතික්ෂේප කරන බවය.
එහෙත් තමන්ගේ සේවකයන් පිරිසක් ඩෙංගු රෝගයට ගොදුරුව සිටින බව තමන් ප්‍රතික්ෂේප නොකරන බවද කියා සිටියේය.
මේ අතර ගම්වාසින් කියා සිටින්නේ මීගමුවේ අදාල සෞඛ්‍ය බලධාරින් විසින් කරන්නට යෙදුන පරික්ෂා කිරිම් වලදි ඉතා පැහැදිලිවම ඩෙංගු කීටයන් මේ හෝටල් භූමිය තුලදි සොයා ගෙන ඇති බවය.
කෙසේ වෙතත් නම් සදහන් කිරිමට අකමැති ගම් වැසියෙකු කියා සිටියේ මේ හෝටලයේ හිමිකරුවන්ට ඇති මුදල් බලය සහ දේශපාලන බලය පාවිච්චිකරමින් හෝටල් භූමියේ ඩෙංගු කීටයන් හමුවිම යටගැසිමට උත්සාහ කරන බව තමන්ට පැහැදිලි බවය.

ඡායා- පියපේම මාණික්කරත්න/එම්.එසෙඩ් සහජාන්