ඉන් අනතුරුව සිදුවුයේ තවත් අරුමය කැන්දන එකකි. ගමට යන පාර වසා දමා පසුව එහි සාප්පු සංකිර්ණයක් ඉදිකරන්නට එවකට පළාත් සභා ඇමතිවරයෙකු වු නිමල් ලංසා කටයුතුකර තිබුණි.එහෙත් ඒ මුලු ව්‍යාපෘතියම මිගමුව මහනගර සභාව පවා නොදන්නා තනිකරම නිමල් ලංසාගේ හිතුක්කාරි එකක් විය.
මිගමුවට වෙළදාම් පොලක් අවැසිය. එහෙත් එය නිර්මාණය කිරිමේදි මේ ගමේ ජනතාවගෙන් නිකමටවත් අසා තිබුනේද??මේ සංවර්ධන කටයුත්ත නිසා අහිමි වන්නේ මේ ගමට ගිය පාරම්පරික
මීගමුව වේගයෙන් ජනාකිර්ණවන නගරයකි.එමෙන්ම ව්‍යාපාරික කටයුතු සහ එයට අදාල පරිවාර සේවා පහසුකම් ද දිනෙන් දින මෙහි ස්ථාපිත වෙමින් තිබේ.
මේ පසුබිම යටතේ මීගමුවට අත්‍යවශ්‍යයෙන්ම ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් තිබිය යුතුය. එසේ නැතිනම් දේශපාලන උවමනාවන් මත සියල්ල තින්දු වෙමින් පවුල් සහ ඥාාති සංග්‍රහයන් වෙනුවෙන් මීගමුවේ අන් පහසුකම් මෙන්ම ඉඩම්ද යොදාගැනිම තවදුරටත් ක්‍රියාත්මක වන ඇත.