ගමන් මළු නැතිවිම ගැන එමිරෙට්ස් ගුවන් සේවයට බරපතල චෝදනාවක් ?

0
86

එමිරේට්ස් ගුවන් සේවයේ  ගමන් ගත් මගින්ගේ ගමන් මළු නැතිවිම සම්බන්ධයෙන් බරපතල චෝදනාවක් මේ වනවිට  මගින්ගෙන් එල්ලවි ඇත.
2014 ජුනි 27 ඉතාලියේ වැනිස් නගරයේ සිට ශ්‍රි ලංකාව බලා පැමිණි ශ්‍රි ලාංකික පවුලක වටිනා දැ රැසක් බහා තිබුණු ගමන් මල්ලක් නැතිවි  ඇති බව දැනගන්නට ලැබුනේ කටුනායක ගුවන් තොටේදිය.
මේ අය නැවත ඉතාලිය බලා ජුලි 27 වනදා යනතුරුත් නැතිවු ගමන් මල්ල පිළිබදව කිසිදු තොරතුරක් ලැබි තිබුනේ නැත.
මේ සම්බන්ධයෙන් එමිරේට්ස් ආයතනය වෙත පැමිණිලි කර තිබුණද කිසිදු සාර්ථක පිළිතුරක් ලැබි නැත.
මේ අතර 2014  අගෝස්තු 01 වනදා ඉතාලියේ මල්පෙන්සා නුවර සිට පැමිණි මගින් දෙදෙනෙකුගේ ගමන් මළුද අස්ථානගතව ඇතැයි පැමිණිලි කර ඇත.
නොබෝ දිනකින් පැවැත්විමට නියමිත විවාහ මංගල උත්සවයකට අත්‍යවශ්‍ය දැ රැසක්ද මේ එක් ගමන් මල්ලක අසුරා තිබුන බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ එක් මගියෙකු මීපුරට පවසා  කර සිටියේය.
මේ සම්බන්ධයෙන් එමිරේට්ස් කටුනායක ගුවන්තොටුපල ශාඛාවේ කළමණාකරුගෙන් විමසා සිටි අවස්ථාවේ පවසා සිටියේ ඒ ගැන තුන්වන පාර්ශවයකට කරුණු කිමට තමන් බැදි නැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here