වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් වන මනෝජ් සිල්වා මහතා ජාඇල ප්‍රදේශයේ ඉපිද හැදී වැඩී මොරටුව විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ඇත. එලෙසම ඔහු ඉංජිනේරුවරයෙකුම සේම, දක්ෂ තරුණ ව්‍යවසායකයෙකි. මෙවර මහ මැතිවරණයට ජාතික ජනතා පක්ෂයෙන් ඉදිරිපත්වන මිනෝජ් සිල්වා ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස කටයුතු කරයි. දශක ගණනාවක් තිස්සේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සහ දේශපාලකයන්ට රැවටුණු ජාඇල ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට නව සබුද්ධික දේශපාලනික සංස්කෘතියක් තනන්නට ඔහු මෙවර මහ මැතිවරණයට ජාතික ජනතා පක්ෂය සමඟින් තරග වදී.
ඔහුගේ දේශපාලන අභිලාෂයන් සහ පක්ෂ ප්‍රතිපත්ති පිළිබඳව ඔහු විසින් කළ දීර්ඝ කතාවක සංෂිප්ත සටහනක් පහත පල කර ඇත
ජාතික ජනතා පක්ෂයේ මම මධ්‍යම කාරක සභා සාමාජිකයෙක් . අපේ පක්ෂයේ නායකත්වය දරන්නේ මංජු නිස්සංක මහත්මයා. අපේ පක්ෂයේ මහාලේකම් ජනාධිපති නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහත්මයා. අපි මෙවර දිස්ත්‍රික්ක 07කින් තරඟ වදිනවා, පාර්ලිමේන්තු මැතිවරණයට. ගම්පහ දිස්ත්‍රික්කයෙන් අපිට හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා,මෙදා මැතිවරණයට. මිනිස්සු ඉල්ලුවා පහුගිය කාලේ ඇයි හොඳ මිනිස්සු දේශපාලනයට එන්නැති ඇයි කියලා.අපි එළියේ ඉඳලා දේශපාලනයට බැන බැන, දේශපාලනඥයන්ට බැන බැන හිටියා. පස්සේ අපිට තේරුණා, මේක එළියේ ඉඳලා විවේචනය කරලා ඉඳලා හරියන්නේ නෑ. මේ සිස්ටම් එක දූෂණය කරල තියෙන්නේ දේශපාලනය විසින්මයි.
එහෙමනම් මේ සිස්ටම් එක වෙනස් කරන්න පුළුවන් දේශපාලනයෙන්ම විතරයි කියලා. එම නිසා මම ඇතුළුව ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ කණ්ඩායම ප්‍රථම වතාවට ඉදිරිපත් වෙනවා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට.
අපේ කණ්ඩායම
අපේ කණ්ඩායම තුළ ඉංජිනේරුවරුන්, නීතිඥයින්සහ ව්‍යවසායකයින් , විශාල පිරිසක් ඉන්නවා.
අපි කියන්නේ ජනතාවට හැම කණ්ඩායමකම නාම ලේඛනය අරන් බලන්න , කවුද ඉදිරිපත් වෙන්නේ කියලා. ඒගොල්ලෝ ගැන හොයලා බලන්න. අපේ ට්‍රැක් රෙකොඩ්ස් බලන්න. අපේ කණ්ඩායමේ හොඳ ට්‍රැක් රෙකෝඩ්ස් තියෙනවා. සොයලා බලලා ඔබම තීරණය කරන්න, කවුද හොඳ කණ්ඩායම කියලා.
මෙවර ජනාධිපතිවරණයේදී මිනිස්සුන්ට ගොඩක් අවශ්‍ය වුණේ මේ දූෂිත සිස්ටම් එක වෙනස් කරන්න.
එතනදි මාලිමාවට බලය ලැබුණා. අපිත් එවර ඡන්දය ප්‍රකාශ කළේ මාලිමාවට. හැබැයි දැන් අපිට තියෙන්නේ දූෂිත දේශපාලනේ මේ දූෂිත සිස්ටම් එක වෙනස් කරනවායත් වඩා අපිට තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් රටේ. මේ ආර්ථිකය හැදුනොත් ,මේ ප්‍රශ්න ගොඩාක් ඒවා ඉවරයි.ජාතිවාදී ප්‍රශ්න, ආගම් ප්‍රශ්න ඔය ඔය ඔක්කොම හදාගෙන තියෙන්නේ මෙන්න මේ ආර්ථික ප්රශ්නය හින්දා. අපේ ආර්ථිකය හැදුනොත් අපට අපේ ලෝක දේශපාලනයේ ලොව බලවත් රටවල් වලින් එන ප්‍රෙෂර් එකත් අපිට අඩුවෙනවා, මේ ආර්ථිකය හැදුනොත්. එතකොට අපි මේ සියලු දේශපාලන පක්ෂ වල ඔයගොල්ලෝ නායකයන්ව බලන්න .සියලුම නායකයන් බලන්න.අපේ නායකයා මංජු නිස්සංක. එතුමා දිහා බලන්ක. එතුමා හොඳ ට්‍රැක් රේකෝර්ඩ් තියෙන මේ අපේ රටේ ආර්ථිකයත් ,අපේ රටේ ආර්ථිකයටත් වඩා විශාල ආර්ථිකයක් තියෙන ඇමරිකාවේ ආයතන වල බැංකු ක්ෂේත්රයේ නියැලෙන ඒ ඉන්වෙස්ට්මන්ට්, ඒ ණය රීස්ට්රක්චර්ස් කරන ඒවාට මැදිහත් වෙලා වැඩ පෙන්නපු එක්කෙනෙක්. එතුමාගේ ට්‍රැක් රෙකෝර්ඩ්ස් අරන් බලන්න, අපි හිතනවා මෙවර ආර්ථිකය හදන්න හොඳම නායකත්වය තියෙන්නේ මංජු නිශ්ශංක ගාව.අපේ ආර්ථික ප්‍රතිපත්ති, අපේ ලංකාවේ ආර්ථිකය ලංකාව පිලර්ස් 22 කට බෙදලා, ඒ පිළිස් 22 කේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය අපි 2022 තමා අපි මේක පටන් ගත්තේ ,මේක හදන්න. ගොඩක් පක්ෂවලට අපි මේක ඉදිරිපත් කලා ඔයගොල්ලෝ මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් ගන්න. පස්සේ අපිට පසු කාලීනව තේරුනා මේ පක්ෂවල ගොඩක් තියෙන්නේ ඇජෙන්ඩාස් ඒගොල්ලන්ගේ. ඒක නිසා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය හැමෝටම කලින් අපි හදලා තියෙ බලන්න ඒවා ප්‍රායෝගික , ඉතාම ප්‍රායෝගික එව්වා තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ,අපි මිනිස්සුන්ට. ඒ කියන්නේ ලෝකයේ අපි වගේ හිටපු රටවල් අත්හදා බලපු ක්‍රම අපි අධ්‍යයනය කරලා තමයි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරලා තියෙන්නේ. මේ ගැන උනන්දුවක් දක්වනවා නම් ඔබට අරගෙන ඒවා කියවන්න පුළුවන්.එතකොට මම හිතනවා අපේ පක්ෂය අපි මේ රටේ ආර්ථිකය හදන්න තමා අපි අපේ ප්‍රධාන අපේ අරමුන වෙලා තියෙන්නේ. අපේ රටේ මේ ආර්ථිකය හදන්න. මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ කණ්ඩායමේ ට්‍රැක් රෙකෝර්ඩ්ස් අරන් බලන්න. එතකොට ඔබලාට තේරෙයි අපේ කණ්ඩායම කොච්චර සුදුසුද කියලා.
හොරුන් සහ දුෂිතයින්
අපේ තේමාව හොරු දූෂිතයෝ අල්ලන්න කියන ටැග් ලයින් එකේ මාලිමාව මේ ජනාධිපතිවරණයෙන් ඒගොල්ලෝ බලය ලබා ගත්තා. අපි බලාපොරොත්තු වෙනවා ඒගොල්ලෝ අමාරුවෙන් හෝ මේකේ පාර්ලිමේන්තුවේ බලය පිහිටුවයි කියලා. එතනදි ඒගොල්ලෝ ඒ ටැග්ලයින් එකේ තමයි ඒගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ. අපිත් එතනදි ඒගොල්ලන්ට දෙන්න පුළුවන් සියලුම සහයෝගයන් දෙනවා ඔය හොරු අල්ලනවා කියන මෙතඩ් එකේ දී, රුවල් වෙනවා කියන කන්සෙප්ට් එකේදි ඔය සල්ලි රටින් එලියට ගිය ක්‍රම තියෙනවා, ටෙන්ඩර් වලින් කොහොමද ගියේ කියලා. එව්වා හොයන එක ලේසි නෑ.. ඒවා වලට දක්ෂ පුද්ගලයෝ ඉන්න ඕනේ. ආර්ථික ගනුදෙනුවලට ඒ විශේෂඥ ඥානය තියෙන පිරිස් ඉන්න ඕන. එතකොට මම ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ කණ්ඩායම ඇතුලේ අපේ නායකත්වය තුළ ආර්ථිකය පිළිබඳ විශාල දැනුමක් තියෙන පිරිස් ඉන්නවා.අපි ඕනෑම වෙලාවක පත්වෙන රජයට අපි විපක්ෂයේ ඉඳලා අපි අදාල තැන්වලට අපේ සහයෝගය අපගේ දැනුම පලපුරුද්ද සහයෝගය අපි හැමතිස්සෙම ඒ කටයුතුවලට අපි දෙනවා.
අපි බලාපොරොත්තු වෙන්නේ මේ පසුබිම යටතේ අපි හිතනවා අපි කොහොමත් විපක්ෂයේ තමයි වාඩිවෙන්නේ.එහි අපි සියලුම හොඳ කාරණා වලදී ආණ්ඩුවේ කකුලෙන් අදින්නෙ නැහැ. අපි සියලුම හොඳ පනත් වලදී ඒගොල්ලන්ගේ සියලුම සහයෝගය අපි විපක්ෂයේ සිට අපි පත්වෙන රජයට ලබා දෙනවා.එතනදි අපි පහුගිය කාලේ අපේ ඉතිහාසය පුරා දැක්ක දේ තමා හැමදාම බලයට පත්වෙන අය හොඳ දේ කළත්, එතකොට විපක්ෂය කට්ටිය කකුලෙන් ඇදලා ඒක විනාශ කරලා දානවා අපි ඒ වාගේ දේවල් වලට විපක්ෂය අනිත් කණ්ඩායම් හොඳට අපි කිසිම සහයෝගයක් දෙන්නේ නෑහැ. එන හොඳ සියළුම පනත් ,සියලුම දේවල් වලට අපි රජයට සහයෝගය දෙනවා . හැබැයි අපි විපක්ෂය තමයි වාඩිවෙන්නේ.
රජය ගේන වැරදි තීරණ හෝ අපේ ආර්ථික ප්‍රතිපත්තිය දක්ෂිණාංශික ආර්ථික ප්‍රතිපත්තියක් අපි දරන්නේ. දැන් පත්වෙන රජය මාලිමාව පත්වුණොත් අපි හිතනවා ඒගොල්ලෝ දරන්නේ වාමාංශික සමාජවාදී ප්‍රතිපත්ති වෙන්න පුළුවන්. බොහෝවිට වාමාංශික ප්‍රතිපත්ති වෙන්න පුළුවන්. ලෝකයේ රටවල් නැහැ, වාමාංශික ප්රතිපත්තිවල ගිහිල්ල දියුණු වෙන. ඒක නිසා ඒගොල්ලෝ වැරදි වැරදි මත වැරදි ඒවා ගේනවා නම් ,මේ ආර්ථිකයට බලපාන සමාජයට බලපාන අනිවාර්යයෙන් එතනදි අපි විරුද්ධ වෙනවා.
පාර්ලිමේන්තුවේ බලාපොරොත්තුවන ආසන ගණන
ඇත්තටම අපි අපේ දේශපාලනය ඉස්සෙල්ලම පටන් ගන්නේ අරගලයෙන් පස්සේ. අරගලයෙන් පස්සේ පටන් ගන්නේ තින්ක් ටෑන්ක් එකක් විදිහට කියන්නේ විශේෂඥයෝ පිරිසක් අපි ලෝකය වටා ශ්‍රී ලංකන්ස්ලා එකතුවෙලා ඒකට අපි කියනවා තින්ක් ටෑන්ක් එකක් කියලා. එතනින් තමයි අපි ප්‍රතිපත්ති එළියට දැම්මේ. ඊට පස්සේ අපි ග්ලෝබල් ශ්‍රී ලංකන් කොංග්රස් කියලා අපි දේශපාලනය පටන් ගන්නවා 2022කේ අන්තිම හරියෙදි. අපි පක්ෂයක් හැටියට පත්වෙන්නේ ගිය අවුරුද්දේ අවසාන භාගයේදී ජාතික ජනතා පක්ෂයත් එක්ක.අපි දැනට දිස්ත්‍රික්ක 07 කින් අපි තරඟ වදිනවා. අපි බලාපොරොත්තු වෙනවා අපිට ,අඩුම තැනේ ඉඳලා තක්සේරුව ගන්නවනම් අඩුම තරමින් ජාතික ලැයිස්තුවෙන් ආසන 02 ක් සමග දිස්ත්‍රික්කවලින් අපි බලාපොරොත්තු වෙනවා තවත් ආසන කිහිපයක් ලබාගන්න.අපි සමහර වෙලාවට අපි ආසන 02 ක් 07 ක් අතර පිරිසක් වගේ උත්සාහ කරනවා.අපිට එක්කාසනයක් ආවත් නැශනල් ලිස්ට් එකෙන් අපි ඒකට ඉතාමත්ම සන්තෝෂ වෙනවා, අපි ජනතාවට ඒකේ අපේ උපහාරය ප්‍රකාශ කරනවා.අපිට එක් ආනයක් තිබ්බත් අපිට අපේ පාර්ලිමේන්තුව තුල අපිට අපේ හඬ නගන්න පුළුවන්. හඬ නගන්න අපිට හැම ක්ෂේත්රයකම දක්ෂයෙන් පිරිසක් අපිට සිටිනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය
අපේ නිෂ්පාදන ආර්ථිකය කියන තැන තියෙනවා කෘෂිකර්මාන්තයට සම්බන්ධ නිෂ්පාදන ආර්ථිකය තියෙනවා. අපේ කාර්මික නිෂ්පාදන තියෙනවා. අපි එව්වටත් අපි විශාල බරක් දෙනවා. අපි ඒ වගේම දැනට තියෙනවනේ අපේ එක එක අංශ. අපේ කෘෂිකර්ම නිෂ්පාදනය, ඇඟලුම් කර්මාන්තය, අපේ සංචාරක කර්මාන්තය, ඒ සමගම අපේ තියෙනවා අයි.ටී.ක්ෂේත්රය දැන් තියෙන පරම්පරාවටත් ඉදිරි පරම්පරාවටත්, මේ අයි.ටී ක්ෂේත්රය අපි විශාල පුරුදු දෙයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. දැනට ලෝකයේ සියලුම රටවල් එන අවුරුදු 05, 10, 15 ඇතුලත හැමෝම ෆෝකස් කරන්නේ අයි.ටී.ෆීල්ඩ් එක ගැන.දැනට ලෝකයේ 90 කට ආසන්න ට්‍රිලියන ඩොලර් 90 කට ආසන්න ලෝක ආර්ථිකයේ ප්‍රමාණය , ඕක තව අවුරුදු දහයක් යද්දී 2030 වෙනකොට නියමිතයි, ඩොලර් ට්‍රිලියන 120කට යන්න. අයි.ටී ක්ෂේත්රයට ලොකු ප්‍රමාණයක් එන්න නියමිත වැඩීම ඇතුළත. අපි බලාපොරොත්තු වෙනවා පත්වන ඕනම ආර්ථික මොඩලේ තියෙන්නේ මේ අවුරුදු 05, 10 ඇතුළත අයි.ටී. ක්ෂේත්රයේ මේ ඉදිරි පරම්පරාව ට,,දැන් ඉන්න අයි.ටී ප්රොපෙෂනර්ස්ලාට මේක දියුණු කරන්න. ඒ එක්කම මම ඉදිරිපත් වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. මම පොඩි කාලේ ඉඳලා දැකපු දෙයක් තමයි,ගම්පහ දිස්ත්‍රික් වැඩිපුරම ලියාපදිංචි ඡන්ද දායකයින් ඉන්නේ ගම්පහ. ලොකුම යූස් එකේ ඉන්නේ ගම්පහ. උපාධිධාරීන් වැඩිපුරම ඉන්නේ ගම්පහ. ප්රොපෙෂනර්ස්ලා වැඩිපුරම ඉන්නේ ගම්පහ. අයි.ටී. ක්ෂේත්රයේ වැඩිපුරම නියැළෙන්නේ ගම්පහ. ගුවන්තොටුපළ තියෙන්නේ ගම්පහ. එහෙම තියෙද්දි ඇයි ගම්පහ දෙවනියටත් දියුණු දිස්ත්‍රික්කය ගම්පහ නෙමෙයි. අපිට කොළඹ ට ඒ කියන්නේ මම කියන්නේ නැහැ කොළඹට වඩා ගම්පහ දියුණුවෙයි කියලා. හැබැයි අපිට කොළඹ මට්ටමටම ගම්පහ ගන්න පුළුවන්. එව්වට අපේ ගම්පහ කණ්ඩායම තුළ වෙනමම වැඩපිළිවෙළවල් තියෙනවා. ගුවන් තොටුපළ ආශ්‍රිතව කොහොමද ඒ ආර්ථිකයේ දිස්ත්‍රික්ක තුළ ව්‍යාප්ත කරන්නේ. මෙතුවක් කල් ගුවන්තොටුප ආශ්‍රිතව , අපි කියනවා රෝනි කැපිටලිසම් කියලා. ඒ කියන්නේ ගජ මිතුරු වාදය. මෙච්චර කල් ගුවන්තොටුපලේ හැදෙන ඒ ආර්ථිකය ලංකාවේ ඉන්න ඒ කියන්නේ තමන්ගේ හිතමිතුරන්ගේ සාක්කුවලට තමයි ගොඩක් ඒවාගයේ ඒවා බෙදී ගිහින් නැහැ. අපිට ඒවාට ප්‍රතිපත්ති තියෙනවා වෙනමම ඒ ආර්ථිකය හදාගන්න.