ගම්පහින් සතියකට ඩෙංගු රෝගින් 400 ක් !

0
172

ගම්පහ දිස්ත්‍රික්කයෙන් සතියකට වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 400ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා ඇති බව නිව්ස්ෆස්ට් වෙබ් අඩවිය අද වාර්තා කර තිබුණි

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය සඳහන් කළේ, කළුතර දිස්ත්‍රික්කයෙන් සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 100ක් පමණ වන බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

වසරේ ගතවූ කාල සීමාව තුළ ළමුන් දෙදෙනෙකු ඇතුළුව ඩෙංගු උණ වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 22 ක් බව, නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය සඳහන් කළා ය.

රාජ්‍ය ආයතනවලින් 06% කින් ඩෙංගු මදුරු කීටයන් හමුවී ඇතැයි ද වෛද්‍යවරිය පැවසුවා ය.

මේ අතර, දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 370 අතරින් 17%ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කෙරේ.

එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ, අවදානම අවම කරගැනීමට ජනතාව වගබලාගත යුතු බවයි.