ගුණගරුක දැහැමි සමාජයක් ගොඩනැඟීම උදෙසා අනූපමේය සමාජීය මෙහෙවරක් සිදුකරන දහම් පාසල් ගුරුභවතුන් අගයමින් ඔවුනට උපහාර පිදීමේ “ධර්මශාස්ත්‍ර ප්‍රදසාදිනී” ගෞරව සම්මාන ප්‍රදානෝත්සවය දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් යක්කල පිහිටි ගම්පහ නගර සභා ශ්‍රවණාගාරයේ දී පසුගියදා (28) පැවැත් විණ.

942f3a53ce0b256efe00eaf641409d12 XL

රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මූලිකත්වය දරන සියපත පදනමේ සංවිධාන දායකත්වයෙන් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දහම් පාසල් ගුරු සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ ගුරුභවතුන් 300 දෙනෙකු උදෙසා එහිදී ගෞරව සම්මාන ප්‍රදානය කිරීම සිදුවිය.

ශ්‍රී ජයවර්ධනපුර ව්ශ්ව විද්‍යාලයේ හිටපු කතිකාචාර්ය අග්ගමහා පණ්ඩිත ආචාර්ය පූජනීය වල්පොල විමලඥාණ හිමි,අමරපුර නිකායේ උඩුකිද පාර්ශවයේ මහානායක ධූරන්ධර ගලඋඩ ධර්ම නිකේතනයේ අධ්‍යක්ෂක අධ්‍යාපනවේදී පූජ්‍ය බෝකන් ඔරුවේ ජිනානන්ද නායක හිමිපාණන්,ඌව අමරපුර මහා නිකායේ අනුනායක ධූරන්දර ශ්‍රී සද්ධර්මවාගීෂ්වර ශාස්ත්‍ර විශාරද පණ්ඩිත විශ්‍රාමික ගුරු උපදේශක මයිලගස්තැන්න ශ්‍රී බෝධිරුක්ඛා‍රාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය වතුපිටියේ ඤාණානන්ද යන ගෞරවණීය ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මෙම ගෞරව සම්මාන ප්‍රදානෝත්සවය සිදුකෙරිණ.

එම අවස්ථාවට ජයභූම් විද්වත් පදනමේ කැදවුම්කරු ශ්‍රීලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ආචාර්ය අනුර ඇතුළත්මුදලි ඇතුළු විශාල පිරිසක් සහභාගිවී සිටියහ.