ගම්පහ දිස්ත්‍රික්කයට වාසස්ථාන ප්‍රතිපත්තියක් !

0
160
*ගම්පහ දිස්ත්රික්කයේ වාසස්ථාන ප්රතිපත්තිය සදහා ජනතා ක්රියාකාරිත්වය බලගැන්වීම*
ගම්පහ දිස්ත්රික්කයේ වාසස්ථාන ප්රතිපත්තියක් උදෙසා ජනතා ක්රියාකාරිත්වයක් බලගැන්වීම අරමුණු කරගෙන PARL ජතික කමිටුව හා ජනතා අදහස් ඒකරශි කරමින් පැවැත්වූ සමුළුවක් පසුගියදා සංවිධානය කර තිබුණි.

ඉඩම් අයිතිය සදහා වන ජනතා ව්යාපාරය ගම්පහ දිස්ත්රික්කය.මෙයට මුලිකත්වය ගෙන කටයුුතු කර ඇත.

දැනට දශක ගණනාවක් පුරා මිගමුව තුල ඉඩම් අහිමිවුවන් සංවිධාන ගත වි ඇති අතර මේ අරගලය තුල පවා මිගමුවට ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් යන පොදු අරමුණ වෙනුවෙන් ජනතා ක්‍රියාකාරිත්වයක් ගොඩගැනිමට අදාල සංවිධානත්මක ජනකොටස සහ ඔවුන් නායකත්වය ලබාදෙන පිරිස් අවධානය යොමුකර තිබුනේද යන ගැටළුවක් පවති

ඒ මන්දයත් කළු සල්ලි පවුල් පාලනයක් විසින් මිගමුවට අදාල සියල්ල තින්දු කරද්දි ඉඩම්ද සිය පුද්ගල පවුලේ දේපල සේ සලකා යොදාගන්නා ඉතිහාසයක් දිගටම ක්‍රියාත්මක විය.

එහෙත් ගැටලුවන්නේ මිගමුවේ පුරවැසි සංවිධාන මේ අත්නනෝමතික පවුල් පාලනයට එරෙහිව සැබැවින්ම ක්‍රියාත්මක වුයේද යන්නයි.

මේ කිසිදු පුරුවැසි සංවිධානයක් එවැනි ක්‍රියාකාරි්ත්වය නෙොසිටිම නිසාම නිමල් ලංසා වැනි දේශපාලකයන්ට හිතුමතේ මිගමුවේ ඉඩම් සිය උවමනාවන් වෙනුවෙන් යොදාගැනිමට ඉඩක් ලැබි තිබුණි

නිදසුනක් ලෙසින් මිගමුවේ නගර මධ්‍යයේ පවතින තැබැරුම් වත්තට සිදු කරන්නට යෙදුන විනාශය ගැන මිගමුවේ ඉඩම් අහිමියන්ගේ සටනේ ක්‍රියාකාරින් සැබැවින්ම දැනුවත්ද යන ගැටළුව මතුවේ