ගම්පහ දිස්ත්‍රික්කයේ උසස් රාජ්‍ය නිළධාරින් පිරිසකට ගුරුගේ ගෙන් විස්කි බෝතල් ?

0
53

whiskyපසුගිය දිනක මීගමුවේ පැවැති ගම්පහ දිස්ත්‍රික් උසස් රාජ්‍ය නිළධාරින් පිරිසගේ රැස්විමකින් අනතුරුව දිවා භෝජනය සංවිධානය කර තිබුණේ මීගමුව තුල මහත් ආනදෝලනයකට තුඩු දි ඇති ගුරුගේ ට අයත් කිංග්ස් අයිලන්ඩ් හිදිය.
ධීවරයන් විසින් චෝදනා කර සිටින්නේ ගුරුගේ විසින් මෙසේ හෝටලයක් ඉදිකර භුමිය  මීගමුව කලපුවට අයත් දුපතක් බවය.
කෙසේ වෙතත් මීගමුවේ එක්තරා උසස් රාජ්‍ය නිලධාරියෙකුගෙන් මේ ගැන විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණ ඇති උසස් රාජ්‍ය නිළධාරින්ටද මේ හෝටලය පෙන්වා දිම සදහා මෙම දිවා අහාරය සංවිධානය කළ බවය.
මෙසේ දිවා ආහාරය සහ තවත්  ප්‍රිතිජනක දැ සදහා සැදි පැහැදි උන් මේ නිළධාරින් හට ඔවුන් විසින් රැගෙන එන්නට යෙදුන විස්කි බෝතල් ප්‍රමාණය මදිවිම නිසා ගුරුගේ ගෙන් ආදලතම නාමය සහිත විස්කි බෝතල් කිපයක්ම ලැබුණ නිසා සිදුවෙන්නට ගිය මදිපාඩුව මැකි ගොස් තිබුණි.
මේ සියළු උසස් නිළධාරින් පිරිස අස්සේ මීගමුවේ එක් ග්‍රාම නිළධාරිවරයෙකුද සිට ඇතැයි සැලය.
ඩීල් කප්පිත්තෙකු ලෙස නම් දරා ඇති මේ තැනැත්තා මේ උසස් නිළධාරින් වෙනුවෙන් ගුරුගේ මැතිදුන්ගේ කාරුණික අනුග්‍රහය සංවිධානය කරන්නට යෙදුන කෙනාදැයි සැකයක්ද තතු දත් අය අතර කථා බහට ලක්වෙමින්  තිබුණි.
කෙසේ වෙතත මීපුර අපට ගැටළුව ඇත්තේ උසස් නිළධාරින් විස්කි බිම හෝ මදිපාඩුව ගුරුගේ ගෙන් ඉල්ලාගැනිම නොවේ .
ධීවරයන්ගේ මහත් වු විරෝධයකට පාත්‍ර වි සිටින ගුරුගේ ට අයත් කලපු දුපත් හෝටලයට මේ අය කැදවාගෙන යාමට සැලැසුම් කිරිම සහ විවිධ වු සංග්‍රහයන් මෙහි සංවිධානය කර  තිබිමය.