ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් කොරෝනා අසාදිතයන් හමුවේ ?

0
188
gampaha-by-gtv-express-78-600x600

ගම්පහ දිස්ත්‍රික්කයේ ස්ථාන දෙකකින් කොරෝනා වෛරසය ආසාදනය වු පුද්ගලයින් දෙදෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර ප්‍රකාශ කර සිටින බව නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්ථා කොට තිබේ.
එහි වැඩිදුරටත් මෙසේද සදහන්ය.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ උප්දෙෂකවරයෙකුට සහ ඔහු සමග එහි ගිය රියදුරෙකුටය

මෙම දෙදෙනා කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට යලි පැමිණි අයවළුන් වන අතර රියදුරා වශයෙන් කටයුතු කර තිබෙන ගම්පහ, ටිකිරිරාජ මාවතේ පදිංචි පුද්ගලයා පසුගිය 07 වෙනිදා ගම්පහ අධිකරණයේ පැවති නඩු විභාගයකට අදාලව විවෘත අධිකරණයේදී සාක්ෂි පවා ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

පසුව ඔහු සිය බිරිඳ සමග මහරගම පිළිකා රෝහලටද ගොස් ඇති බවට හෙළිව ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක චමින්ද සමරදිවාකර සඳහන් කර ඇත.

රියදුරා වශයෙන් කටයුතු කළ කොරෝනා ආසාදිත පුද්ගලයා ස්ථාන රැසක සංචරණය කොට ඇති බවත් ඔහු ප්‍රිය සම්භාෂණ කිහිපයකට ද සහභාගිව ඇති බවට කරුණු අනාවරණය වී තිබේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි දාන නිවසකට ද ගොස් ඇති බවට කරුණු. සඳහන්ය.
කන්දකාඩු මධ්‍යස්ථානයේ රෝගීන් වාර්තා වීමත් සමග ඔවුන් දෙදෙනා නිවසේ දී ස්වයං නිරෝධායනයට යොමු කොට සිදුකළ PCR පරීක්ෂණ වලදී ඔවුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
මුලාශ්‍රය -newswire.lk