47 වන පාපන්දු ශූරතාවය සඳහා ඉන්දුනීසියාවේ සංචාරයක යෙදී ඊයේ(27) දිවයනට පැමිණි ෂිමාල් සිසුවා අද පිළිගනු ලැබුවේ මීගමුව ශාන්ත මරියා විදුහලේදීය.
මීගමුව කාමච්චෝඩය ප්‍රදේශයේ ජීවත්වන සාමාන්‍ය පවුලක දරුවෙකුවූ ෂිමාල් මේ සඳහා තෝරා ගැනීමට අවස්ථා දෙකක් යොදාගෙන තිබූ නමුත් එම අවස්ථා දෙකෙන්ම දක්ෂ ලෙස ජයගැනීමට 16 හැවිරිදි වියේ පසුවන ඔහු සමත්වී ඇත .
ලංකාවේ යාපනය , මන්නාරම , කොළඹ බදුල්ල වැනි පළාත් වලින් ජාතික මට්ටමේ පත්වූ 20 දෙනා අතරට පැමිණ , අද ජාත්‍යන්තර තත්වය දක්වා ගමන් කිරීමට වරම් ලැබූ ෂිමාල් නහීර් සිසුවාට ඉදිරි අවස්ථාද ජයගෙන ඉදිරියට යාම සඳහා අප ශක්තිය සහ ධෛර්යය පතන්නෙමු .
මෙම අවස්ථාව සඳහා සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂක අජිත් අධිකාරි මහතා සහ මීගමුව කොට්ඨාශ අධ්‍යක්ෂිකා A.M.S තුෂාරි මහත්මියද නහීර් සිසුවාගේ දෙමව්පියන් සහ ඥාතීන්ද සහභාගී විය .