ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා අනුපොකුරු බිහිවිමේ අවධානමක් ?

0
112

FTZගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් 19 අනුපොකුරු රාශියක් නිර්මාණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ එම ප්‍ර දේශවල පදිංචි ජනතාව තම ස්ථානවලම රැඳී සිටිය යුතු බවය

“ගම්පහ දිස්ත්‍රික්කයේ අනු පොකුරු රාශියක් නිර්මාණය වුණ ආසාදිත ප්‍රදේශ තිබෙනවා.  එම ප්‍රදේශයක, පුද්ගලයන් එම ස්ථාන වලම රැඳී සිටිය යුතුයි.” යැයි ඔහු පවසා තිබේ.
එමෙන්ම  පසුගිය දින කිපය පුරාවට කටුනායක නිදහස් වෙළද කලාපයේ මේ කොරෝනා අනුපොකුරේ එක් මර්මස්ථානයක් පත්ව තිබේ.
ඒ අතර නෙස්ට් ආයතන හා බැදුන අය මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයන් ගැනද නිතර අසන්නට ලැබෙමින් තිබේ.
මේ අතර නිදහස් වෙළද කලාපයේ සමාජ ක්‍රියාකාරිණියක වන චමිලා තුෂාරි සිය ෆෙස් බුක් පිටුවේ මෙවන් සටහනක් තබා තිබුණාය.

….ඊයේ අපේ කාර්යාලය අසලම සහෝදරියක් හා ඒ අවට තවත් 4 දෙනෙකුම කොවීඩ් ආසාදිතයින් බවට තහවුරු උනා. ඔවුන්ව රැගෙන යාමෙන් පසු ඉතිරි පිරිස ස්වයං නිරෝධානයට යොමු කොට තිබුනා. PHI මහතා පවසා තිබුනේ PCR පරීක්ෂණ සදහා පැමිණෙන බවත් ආරක්ෂා වී සිටින ලෙසත්ය. ඒ වන විට ඔවුන්ට කෑම පිසීමට අවශ්‍ය එළවළු හා වියළි සලාක අවසන් වී තිබු බව සුව දුක් විමසීමේදී දන්වන ලදි. ස්වයං නිරෝධානයට යොමු කළත් ඊට අවැසි වටාපිටාව සකසා දීමට වගකිවයුත්තෙක් නැත. ආයතනයෙන් බඩු මල්ලක්වත් ලැබෙතැයි බලන් සිටියත් එයත් සිහිනයක් බව දුකෙන් හා පිළිකුලෙන් පවසා සිටියේ දුක අසරණකම නිසාය. දෙමාපියන්, සහෝදරයින්, ඥාතීන් අසල මායිමේ නොමැති වටාපිටාවක කාගේ හව්හරණක් ද.අද දින අපට කළ හැකි අවම ප්‍රමාණයකින් දායකවීමට හැකි වුනා.හෙට සිට ඇදිරි නීතිය තවත් ඉදිරි දින කිහිපයකට දීර්ඝ වුනා….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here