ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්ලාට ගුරුගේ ගේ කලපු හෝටලයේ දවල් කෑමක්?

0
63

[wp_geo_map]


ගම්පහ දිස්ත්‍රික්කයේ සියලූම ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශ වල  ලේකම්වරු සහ දිසාපතිවරයා සහභාගී වන රැස්විමක් අද මීගමුව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. වාර්තා වන අන්දමට මෙම පිරිසට දිවා ආහාරය  සඳහා ‘කිංග්ස් අයිලන්ඩ්‘ ලෙස හැඳින්වෙන මීගමුව කලපුවේ දූපතක තනා ඇති හෝටලයක් සූදානම් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. මීගමුව කලපුවේ දූපත් 13ක් පිහිටා ඇති අතර ඉන් එකක් වන මෙම දූපත සම්බන්ධයෙන්  ඇති පාරසරික වැදගත්කම නිසා මෙම හෝටලයට ධීවයින්ගේ බරපතල විරෝධය ද එල්ල වී ඇත.
මෙම දුපතට හිමිකම් කීමට අදාළව දැවැන්ත විරෝධයක් පවතින සමයක මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් පැවති සමයකදි ගුරුගේ  විසින් රටපුරා විසිර සිටින මහාධිකරණ විනිසුරුවරුන් විශාල පිරිසක් කැදවා සුපිරි රාත්‍රි ‍භොජන සංග්‍රහයක් ද පවත්වා  තිබුණි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු  දෙමින් මිගමුව  ප්‍රාදේශීය ලේකම් අලවත්ත මහතා කියා සිටිය‍ේ මේ හෝටලය  ප්‍රාදේශීය ලේකම්වරුන්ට පෙන්විම සදහා එහි කැදවාගෙන යන බවත්,එය නීති විරෝධි තැනක් නොවන බවත්ය.දවල් කෑම සදහා වෙනත් හෝටලයක් නොතිබුනේදැයි අප කළ විමසුමකට  පිළිතුරු දෙමින් අලවත්ත මහතා කියා සිටියේ වෙනත් තැනකට යන්නට වේලාවක් නැති බවය.