ගම්පහ දිසාවේ,ජාතික අක්ෂිදාන දින සැමරුම මෙවර මීගමුවේදී

0
206

 

WhatsApp Image 2024 12 09 at 07.43.48 ede906b7

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ  නිර්මාතෘ දිවන්ගත දේශබන්දු දොස්තර හඩ්සන් සිල්වා මහතාගේ ජන්ම දිනයට සමගාමීව සෑම වසරකම දෙසැම්බර් 08 වැනි දින ” ජාතික අක්ෂි දාන දිනය ” ලෙස සමරනු ලබයි.
ඒ අනුව මෙවර ජාතික අක්ෂි දාන දිනය නිමිත්තෙන්, ගම්පහ දිස්ත්‍රික්කය තුළ පැවැත්වෙන සැමරුම් වැඩසටහන ඊයේ එනම් 2024/12/08 වැනි ඉරුදින පෙරවරුවේදී මීගමුව, විජේපාල මෙන්ඩිස් අනුස්මරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
මෙම උත්සවය සඳහා ,ශ්‍රී ලංකා අක්ෂි දාන සංගම් මූලස්ථානයේ ප්‍රධාන සභාපති අයෝධ්‍ය සම්පත් ද සිල්වා මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී විය. එමෙන්ම  රාජාංගනයේ විජිත  ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා කීහිපදෙනෙකුද , මෙම වැඩසටහන සඳහා ආරාධිතයන් ලෙසින් සහභාගි වූහ. එලෙසම ජාතික අක්ෂි දාන මූලස්ථානයේ
මහජන සම්බන්ධතා හා ප්‍රචාරක නිලධාරී සී.රණසිංහ මහතා සහ ඇස් රෝහල් කළමනාකාර අජන්ත අබේවර්ධන මහතා ද මෙම සැමරුම් වැඩසටහන සඳහා  ආරාධිතයින් ලෙස සහභාගි වුහ.
මෙහිදී ජාතික අක්ෂි දාන සංගමයේ නිර්මාතෘ දිවංගත දේශබන්දු දොස්තර හඩ්සන් සිල්වා මහතාගේ ඡායාරූපයකට මල් මාලා පලඳවමින් සහ මල් කළඹක් තබා ගෞරවය පුද කිරීමක්ද මෙම  සැමරුම් වැඩසටහනේදී සිදුවිය.
ඉන් පසුව රැස්ව සිටි පිරිස පිළිගනිමින් අක්ෂි දාන සංගමයේ මීගමුව ශාඛාවේ සභාපති නීතිඥ චතුර අනුෂ්ක අමරතුංග  මහතා උත්සව සභාව ඇමතිය.
එමෙන්ම මෙම සැමරුම් වැඩසටහන සඳහා වැඩමවා සිටි රජාංගනයේ විජිත ස්වාමීන් වහන්සේ, මිනිස් ජීවිතයකට ලැබුණු ඇස් දෙකෙහි වටිනාකම පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුවත් කරමින් අපූරු දේශනයක් සිදු කල අතර  පසුව ශ්‍රී ලංකා අක්ෂි දාන සංගම් මූලස්ථානයේ ප්‍රධාන සභාපති අයෝධ්‍ය සම්පත් ද සිල්වා මහතා සභාව ඇමතිය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ පසුගිය දෙවසර තුළ අක්ෂි කුණීත බද්ධ කිරීමෙන් දෙස් විදෙස් ඇස් රෝගීන් 170,000 ක් පමණ අක්ෂි දාන මූලස්ථානය මඟින් සුවය ලබා දී ඇති බවයි. එමෙන්ම අක්ෂි දාන මූලස්ථානයේ ඇති පටක බැංකුව මගින්  හදිසි අනතුරුවලින් විකලාංග හා ආබාධ්‍ත තත්වයට පත් රෝගීන් 14,000 කට පමණ පටක බද්ධ කිරීමෙන් සුවය ලබා දී ඇති බවත්,එමෙන්ම අක්ෂි දාන මූලස්ථානයට අනුබද්ධ ඇස් රෝහල මගින් ඇස් කන්නාඩි 30000ක් පමණ මේ වනවිට බෙදා දී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේය. එලෙසම ඔහු අවධාරණය කළේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්ම සිදුකළ රෝගීන්  පසුගිය වසරේදී 1000 ක් පමණ වාර්තා වන බවයි.  එමෙන්ම මේ වසරේදී ද එම ශල්‍යකර්මය රෝගීන් 1100 ක්  දක්වා සිදු කර අවසන් කර ඇති  බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය. ඒ වගේම ලංකාව පුරා විසිරී පැතිරී සිටින පෙනීමේ දුර්වලතා සහිත සිසු දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක ” සිසු නේත්‍රා ලෝක” වැඩසටහන යටතේ ඇස් කන්නාඩි 1000 ක් මේ වන විට ලබාදී ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම සැමරුම් උත්සවය සංවිධානය කරමින් මෙහෙය වූ  අක්ෂි දාන සංගමයේ මීගමුව ශාඛාවේ ලේකම් උපාලි මධුරප්පෙරුම  මහතා ස්තූති කතාව කලේය.
ඉන්පසුව ශ්‍රී ලංකා අක්ෂිදාන මූලස්ථානයේ ප්‍රජා සත්කාරයක් ලෙස කලින් ලියාපදිංචි වු පෙනීමේ ආබාධ සහිත 350 ක පමණ පිරිසකට අක්ෂි දාන මූලස්ථාන ඇස් රෝහලින් පැමිණි සිටි වෛද්‍යවරුන්  ඇස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව නොමිලේ ඇස් කන්නාඩි ප්‍රදානය කිරීමක් ද සිදුවිය. ඇස් කන්නාඩි ප්‍රදානය කිරීම සඳහා අක්ෂි දාන සංගමයේ මීගමුව ශාඛාවේ සභාපති නීතිඥ චතුර අනුෂ්ක අමරතුංග මහතා සහ එහි ලේකම් උපාලි මධුරප්පෙරුම මහතා සහභාගි වූහ.
මෙම සැමරුම් වැඩසටහන සඳහා මීගමුව ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ අක්ෂි දාන සංගමයේ ශාඛාවන් හී නිලධාරීහු ඇතුළු සාමාජික සාමාජිකාවන් රැසක් සහභාගි වුහ.

WhatsApp Image 2024 12 09 at 07.43.35 03897a6a WhatsApp Image 2024 12 09 at 07.43.36 7d4c6bf3 WhatsApp Image 2024 12 09 at 07.43.37 b178bdbf WhatsApp Image 2024 12 09 at 07.43.37 ca113f74 WhatsApp Image 2024 12 09 at 07.43.38 58c1ac02 WhatsApp Image 2024 12 09 at 07.43.39 383fb983 WhatsApp Image 2024 12 09 at 07.43.41 c11df7bc WhatsApp Image 2024 12 09 at 07.43.45 4a805df7 WhatsApp Image 2024 12 09 at 07.43.47 3704e6e8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here