ගම්වාසින්ගෙන් ගුටි කෑ ලංසා ආගිය අතක් නැහැලු …?

0
224

වැල්ලේ සෙල්ලම් කරමින් සිටි තරුණයන්ට පාට් දමන්නට ගොස් හොද හැටි ගුටි කෑ මිගමුව නගරාධිපති දයාන් ලංසා එතැන් සිට ආගිය අතක් නැතැයි වාර්තා වේ.මෙම සිද්ධියෙන් පසුව ඔහු ප්‍රසිද්ධියේ කිසිවෙකුත් හමුවු බවට තොරතුරු නැත
මෙයට හේතුව නගරාධිපතිවරයාගේ මුහුණට සිදුව ඇති තුවාල යැයිද සැකයක් පවති.

දයාන් ලංසාට ඉතාමත් සමිප ව්‍යාපාරික මිතුරෙකුට අයත් හෝටලයක රථගාල වි ඇත්තේ තරුණයන්ගේ ක්‍රිඩාකරන වැල්ලය.
ධිවර රැකියාවේ නිරත මේ තරුණයන්ට මෙන්ම කුඩා ළමුන් ද ඉඩක් ලද විටක වැල්ලේ ක්‍රිඩා කිරිම පුරුද්දක් කරගෙන සිටි.
අදාල හෝටලයේ අයෙකු නගරාධිපතිවරයාට කියා ඇත්තේ මේ තරුණයන් මෙතන කෑගසන නිසා එය හෝටලයට හිරිහැරයක් බවය.
එමෙන්ම වාහනවලට බෝල පාරවල් වදින බවය.
ඒ වනවිටත් බිමතින් සිට ඇතැයි ගම්වාසින් විසින් පවසන නගරාධිපති දයාන් ලංසා එතැනට ගොස් සිය හෝටල්මිතුරාගේ පැමිණිල්ල විමසන්නට විය.
එතන ඇතිවු බහින් බස් විමකදි නගරාධිපතිවරයා එක් අයෙකුට පහර දි ඇත.
ඒසේ පහර දිම වැරදි යැයි කියු එතන සිටි ජීසස් නැමැත්තාටද පසුව නගරාධිපතිවරයා විසින් පහර දි ඇත.
එය දුටු ජීසස් නැමැත්තාගේ පුතා සහ ඒ පවුලේ අයද පැමිණ දයාන් ලංසාට පහර දි ඇත.
කාන්තාවන් පවා මේ පහරදිමට එක්ව සිටි බව ප්‍රදේශවාසිහු පවසා සිටිති. එමෙන්ම
මේ පහරදිම නිසා දයාන් ලංසා ඇද සිටි ටීෂර්ට් එක පවා ඉරි තිබුන බවද ඔවුහු පවසති
නගරාධිපතිවරයාට කව්ද ගහන්නේ යැයි කියා විමසන්නට පැමිණි දායන් ලංසාගේ මිතුරෙකුටද පසුව ගම්වාසින් පහර දි ඇත.
මෙසේ දරුණු ගුටි පුජාවකට මැදිවු දයාන් ලංසා එතැන් සිට අද පෙරවරුව වන තෙක් කිසිදු ප්‍රසිද්ධ ස්ථානයකට ගිය බවක් දැනගන්නට නැත.
නවලෝක රෝහලට ඇතුලත් වු බවට වු කතාවක්ද පැතිර ගොස් තිබුණි
දයාන් ලංසාගේ සමිපතයන් නගරාධිපතිවරයා ගම්පහ රැස්විමකට ගියා යැයි කියමින් විවිධ ප්‍රචාර පතුරුවා මේ ගැන වසන් කරන්නට ගියද සැබැවින්ම මුහුණට සිදුව ඇති තුවාල නිසා නගරාධිපතිවරයා මෙසේ වසං වි ඇතැයි තමන්ටද දැන් සිතෙන බව පොහොට්ටු මන්ත්‍රිවරුන්ම පවසන්නට පටන් ගෙන ඇත.
කෙසේ වෙතත් මෙම පහරදිමේ සිද්ධිට තවදුරටත් ඇදගෙන ගිය හොත් සිදු විය හැකි අපකිර්තිය නිසාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි දෙදෙනාව පොලිස් ඇප මත ගෙදර යවන්නට ලංසා පවුලේ අය කටයුතු කර තිබුණි
කෙසේ වෙතත් ලංසා පවුලට මෑත ඉතිහාසය තුල මුහුණ දිමට සිදුව ඇති දෙවැනි අවමානය වන මේ පහර කෑම කියා සිටින්නේ ගමේ අයගේ පවා නගරාධිපතිවරයා කිසිදු ගරුත්වයක් නැති බව නොවේද ?
ගමෙන්ම ගුටි කෑ නගරාධිපතිවරයා ලෙසද මෙය ඉතිහාස ගත වනු ඇත
පළාත් සභා ඉල්ලන්නට සිහින මවමින් සිටින නගරාධිපති දයාන් ලංසාට එල්ල වු මේ ප්‍රහාරය සිය අනාගත දේශපාලන ඉරණම පවා තින්දු කරන හැරවුම් ලක්ෂයක් විමට ඉඩ තිබේ