ගමේ වැඩ නිමනොකළ ලලන්තට දිස්ත්‍රික්කයක් ???

0
53

lalanthaවිමල් විරවංශගේ අපේක්ෂකයන් මෙවර මැතිවරණය තුල සිදුවිය යුතු පරිද්දෙන්ම බරපතල පසුබෑමකට ලක්ව සිටිති.
මේ නිසා අඩුම තරමින් එකෙක් දෙන්නෙක් වත් ගොඩ දා ගැනිම සදහා මහත් වෙහෙසක් ගනිමින් සිටි බව සැලවන අතර කෙසේ හෝ කටුනායක සිදුව නගර සභාවේ නගරාධිපති ලලන්ත ගුණසේකර මහතා යන්තම් බෝනස් බෝට්ටුවක නංවා පළාත් සභාවට යැවිමට අද පියවර ගැනුනි.
ගම්පහ සන්ධාන මනාප ලයිස්තුවේ 24 වැනයාව සිටි ලලන්ත මහතා මෑතකදි දේශපාලනයට පිවිස තරුණයෙකි.
ඔහු නගරාධිපතිධුරය දරන ලද්දේ ලංකාවේ  වැඩිම අදායම් ඇති නගර සභාවලින් එකකය.
ඔහු තරග කරන ලද පළමු පළාත් මැතිවරණයෙන්ම ඉදිරියටම පැමිණ නගරාධිපතිධුරය දරන්නට තරම් ජනප්‍රියත්වයට පත්ව තිබුණි.
එහෙත් අවසනාවකට ඔහු ගැන ඔහුට ඡන්දය දුන් බහුතරයක් දෙනාගේ බලාපොරොත්තු ඉටු කරලන්නට හැකියාවක් ඔහුට තිබුණේ නැත.
විශේෂයෙන්ම ඔහුගේ ද නිවස පිහිට වර්ග කි.මිටරයක ප්‍රමාණයේ අතුරු පාරවල් බරපතල ලෙසින් කඩතොළුව පැවතියද එවා අවශ්‍ය පරිදි ප්‍රම්‍රඛථාවය දි  පිළිසකර කිරිමට ඔහු අපොහොසත් විය.එපමණක් නොව වසර 5 කටත් වඩා වසා දමා ඇති කටුනායක සාප්පු සංකීර්ණය විවෘත කිරිමට වැඩපිළිවෙලක් සැකසිමට නගරාධිපතිවරුන් තිදෙනෙකුටම නොහැකි විය.
ඉන් තෙවැන්නා වුයේද ලලන්තය.
දැන් නගරයක් නොව දිස්ත්‍රික්කයක් පුරාවට සැලසුම් සකස්කරලන්නට අභියෝගයක් ඔහු වෙත ඉදිරිපත්ව තිබේ.
එය ඔහු කළමණාකරණය කරගන්නා අකාරය තුල පමණක් ඔහුගේ දේශපාලන අනාගතය තිරණය වනු ඇත.