ගමේ වැව රැකගන්ඩ බැරි මන්ත්‍රීලා පළාත් සභාවට..???

0
85

මේ වන විට රටේ  ආණ්ඩු පක්ෂයේ බහුතරයක් රටේ පොදු දේපළ  විනාශ කරමින්  ඒවා අත්පත්කර ගනිමින්  පුද්ගලික පරිහරණයට ගැනීමට සිය බලය යොදවමින් සිටිති.
මෙවැනි තත්ත්වයක් හමුවේ භයානක තර්ජනයකට ලක්ව ඇත්තේ  ස්වභාවික පරිසරයයි.
මේ වන විට වයඹ පළාතට අයිති වෙන්නප්පුව වැවේ අනවසර ඉදිකිරීමක් සිදුවි ඇති අතර  මේ ආකාරයට  සිදුකර ඇති ගොඩකිරීම කඩා ඉවත්කරන ලෙස වෙන්නප්පුව ප්‍රාදේශීය ඉංජිෙන්රුවාරයා නියෝගයක් දී තිබේ.
මෙම නියෝගය නොතකා මෙම නීතිවීරෝධී ඉදිකිරීම තවමත්  තබාගෙන සිටින  පුද්ගලයාට  අනුබල දෙන්නේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයා වන අතර මේ වෙනුවෙන් පෙනී සිටින එකම සංවිධානය වන්නේ එම ප්‍රදේශයේ ගොවි සමිතියේ ලේකම් සහ සභාපතිවරයායි.
මේ වෙන විට වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ  කිසිදු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරයෙකු මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. ඒ අතර විපක්ෂ යේ පළාත් සභා මන්ත්‍රී හිටපු වෙන්නප්පුව පාදේශීය සභාපතිවරයෙුකු වන හේක්ටර්  අප්පුහාමි මන්ත්‍රීවරයා ද   මේ සම්බන්ධයෙන් කිසිදු පියවරක් මේ වනතෙක් ගෙන නොමැති අතර  සිය පළාත්සභා විෂය පථයට අයත් වැව් රැකිම කෙසේ හෝ මේ සියල්ලෝ මගහැර ඇත.
මේ දිනවල වයඹ පළාත් සභා මැතිවරණය සදහා නාමයෝජනා අපෙක්ෂාවෙන් සිටින  වෙන්නප්පුව ප්‍රදේශයේ විපක්ෂයේ දේශපාලකයන් මේ දිනවල තාප්පවල එල්ලි සිටින්නේ සිනාමුසු මුහුණෙනි.
ඔවුන් ඉල්ලන්නේ වයඹ ආරක්ෂා කිරිමට ඔවුන්ට අවස්ථාවක් දෙන ලෙසය.
වෙන්නප්පුවේ වැව රැකගන්නට බැරි මේ දේශපාලකයන් වයඹ රකියිද???
ජනතා දේපල විනාශ කරන අය සහ ඒවා රැකගැනිමට මැදිහත් නොවන අය අතර කිසිදු වෙනසක් නැත.මේ සියල්ලෝ එකවල්ලෙම පොල්ය.
මහජන දේපල රකින දේශපාලකයන් සදහා වෙන්නප්පුවේ ඇබෑර්තු ඇත.

වැව රැකිම වෙනුවෙන් ලිව්වේ- ජස්ටින් ප්‍රනාන්දු
2013-06-24 10.53.41