ගම ගදගස්සන පොහොර ආයතනයට වැලිහේන ප්‍රදේශවාසින්ගේ විරෝධය ..

0
253
WhatsApp Image 2022 11 17 at 12.10.47
wp 1668669344618
wp 1668669292384
wp 1668669268660

කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, වැලිහේන ගම්මානයේ පවත්වගෙන ‘ හියෝ සුන්ග්’ නමැති කාබනික පෙහොර නිපදවීමේ ආයතනයෙන් සහ එම නිශ්පාදන සැකසීමේ ක්‍රියාවලියේදී පිටවන අහිතකර දුර්ඝන්ධය නිසා ඒ අවට ගම් කීපයක ජනතාව වසර දෙකක් තිස්සේ විශාල පීඩාවකට ලක්ව සීටිති

මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද ගොනුකර ඇති අතර දැනුම් දිය හැකි සියලූම බලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇති බව ප්‍රෙද්ශවාසීන් පවසති. මෙම හියෝ සුන්ග් ආයතනයේ සිදුකරන කාබනික පොහොර නිශ්පාදනය සදහා යොදාගන්නා ,සතුන්ගේ කොටස් , කල්ඉකුත්වූ අමුද්‍රව්‍ය හේතුවෙන් ඉවසිය නොහැකි දුර්ගන්ධයක් හමන බවත් සිය නිවෙස් වල දරුවන්ට ආහාර ලබාදෙන්නේ නිවෙස් වල දොර ජනෙල් වසාගෙන බවත් ජනතාව පවසයි.

අවට දරුවන් නිතර නිතර අසනීප වන බවත් එමෙන්ම මෙම ආයතනයේ සිදුවන මෙම පොහොර සෑදිමේදි පිටවන දුර්ඝන්ධයට අමතරව දුවිල්ලක් පිටවන බවත් ඒවා සිය නිවෙස් වල ගස්වල,මල්වල මෙන්ම එලියේ වනා ඇති රෙදිවල තැවරෙන බව මෙයින් පීඩා විදින ජනතාව චෝදනා කර සිටියි. මේ සමබන්ධයෙන් කටාන ප්‍රාෙද්ශීය සභාවේ කොමසාරරිස්වරිය මෙන්ම අදාළ මහජන සෞඛ්‍ය නිලධාරියා දැනුවත් කර ඇති බවත් පවසන ප්‍රෙද්ශවාසීන් පවසන්නේ හියෝ සුන්ග් ආයතනයේ පාලකයින් ප්‍රෙද්ශවාසීන්ට සිදුවන හිරිහැරය සම්බන්ධව කිසිදු අනුකම්පාවක් නොදක්වන අතර ඒ සදහා ඔවුන්ට යම්කිසි හය්යක් නිලධාරීන්ගෙන්ද ලැබි ඇති බවට ඔවුන් සැකකරන බවයි.

මෙවැනි ජනාකීර්න පරිසරයක මිනිසුන්ට අහිතකර වායුන් නිපදවන, පරිසරයට අහිතකර නිශ්පාදනයක් සදහා බලධාරීන් අවසර දී ඇත්තේ කුමන පදනමක් මතද යන්න විශාල ගැටලු මතුවේ. 2020 වර්පාෂයේදී .මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද මේ සම්බන්ධයෙන් කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ට ලිඛිතව දැනුම් දී ඉල්ලීමක් සිදුකර ඇත. මෙතෙක් මෙම ජනතාවට සාදාරණයක් ඉටුවි නොමැත.

මේ සියළු උත්සාහයන් ගෙන තිබුණද අදාල පොහොර ආයතනය ජනතාවට වෙතට ඇතිකර ඇති පිඩාව සමනය කිරිමට කිසිදු පියවරක් ගෙන නැති නිසා අද පෙරවරුවේ ගම්මාසින් මෙම ආයතනය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයක නියැලුනහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here