ගම හදන්නට චිත්‍රාල් ප්‍රනාන්දු පදනමෙන් අරමුදල් රැස්කරයි

0
174

නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදන මගින් සංවිධානය කළ අරමුදල් රැස් කිරීමේ දිණුම් ඇදීම පසුගිය අප්‍රේල් 27 වන දිනි සිදුවූ අතර එහි ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රදානය කිරීම පසුගිය මැයි 17 වන දින වෙන්නප්පුව පිහිටි එතුමාගේ කාර්‍යාලයේදී සිදුකරන ලදි. මාස 4 වැනි කාලයක් පුරා පැවති මෙම ව්‍යාපෘතියේදී වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ආසනයන්හි දහස් ගණන් වූ ජනතාව මේ වෙනුවෙන් සිය දායකත්වය දක්වා තිබුණු අතර විදේශයන්හි රැකියාවේ නියුතු  ප්‍රදේශවාසින් පවා මේයට සම්බන්ධ විය.

පළමු ත්‍යාගය වශයේන් ඛඣෘ රෑපවාහිණී යන්ත්‍රයක්, දෙවන ත්‍යාගය වෙනුවෙන් මයික්‍රාවේව් අවනයක් සහ තෙවන ත්‍යාගය වශයෙන් ගෑස් කුකරයක් ලබා දුන් අතර සැනසිලි තෑගි 10 ක් වෙනුවේන් වටිනා ජංගම දුරකථන ලබා දීමට නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම විසින් කටයුතු කර තිබිණි.
මෙම වැඩසටහන මගින් රැස් කල අරමුදල්, ඉහත කී ආසනයන්හි, සැම ග්‍රාම නිලධාරි කොට්ඨාෂයකම පිහිටුවා ඇති නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනමේ ශාකාවන් මගින් සමාජ සේවා කටයුතු වෙනුවෙන් යෙදවීමට නියමිතව ඇති අතර, ඉදිරි මාස6 වෙනුවෙන් මෙහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීමටද තීරණය කොට ඇත. තම පළාත් අායෝජන ප්‍රතිපාදනයන් වෙත සීමා නොවී ඉන් ඔබ්බට ගොස් ජනතා සේවයට කැපවීම පිළිබදව නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පදනම වෙත ජනතාව සිය සතුට ප්‍රකාශ කරමින් සිටී.
DSC_0976