ගරු අයිවන් පියතුමෙනි මීගමුවේ කිතුණු අභිමානය රැකගන්න උදව් කරන්න !

0
59

FB_IMG_1519353175697FB_IMG_1519353169027ගරු අයිවන් පෙරේරා පියතුමන් 75 වෙනි වියට පා තිබුනේ පසුගිය දිනකය.අපට ඔහු ව මේ දිනවල වැඩියෙන්ම මතක් වෙන්න බලපාන ප්‍රධාන හේතුවක් වේ.
එනම් මේ දිනවල මිගමුවේ කිතුණු සභාවත් ඇතැම් පියතුමන්ලා අරභයා මතුව ඇති බරපතල සංවාදය හේතුකොටගෙනය.
මීගමුවේ කතෝලික සභාවේ ස්වර්ණමය යුගය සනිටුවන්නේ ගරු අයිවන් පෙරේරා පියතුමන්ගේ මගපෙන්විම සහිතව ක්‍රියාත්මක වු ප්‍රගතිශිලි පියතුමන්ලා රැසක් සිටි 80 දශකයයි.
විවිධ ආසාධාරණයන්ට ලක්ව සිටි ජන කොටස් වෙනුවෙන් නොපැකිල ඉදිරිපත් වෙන්නට එදා ඒ පියතුමන්ලා කටයුතු කළෝය.
ඉඩම් හා නිවාස අහිමිව සිටි විශාල පිරිසකට කඩොල් කැලෙන් ඉඩම් හා නිවාස ලබාදෙන්නට එදා සිටි ගරු පියවරුන් මුලිකත්වය ගෙන තිබුණි.
එහෙත් අද මීගමුව පත්ව ඇත්තේ බරපතල ඛේදවාචක තත්වයකටය.
මත්කුඩු වලට එරෙහිව රැළි පවත්තවන්න දේශපාලකයන්ගෙන් සල්ලි ගන්නට තරම් කතෝලික සභාව බංකොලොත් වි නි නැති බව අප දනිමු.
එහෙත් මේ රැළිය පිළිබදව පැවැති පළමු රැස්විමේ සිටි පියතුමන්ලා මේ රැළියේ වියදම් දේශපාලකයන් විසින් පැනලා දුන් පමණනින් භාරගත යුුතුද ?
මෙයට සභාවට හොද නැ නේදැයි තේරුම් ගැනිමට මේ ගරු පියවරුන් අසමත් වුනේ ඇයි ?
මේ රැළියේ මුලික බරපැන  දයාන් ලංසා විසින් භාරගනින්දි එය සිදුනොවිය යුත්තක් නොවේද ?
කොහොමටත් දේශපාලකයන්ද ඇදා ගෙන මේ කරන රැළිය අරුත් සුන්ය.
රටේම නම් දරා ඇති පවුලක්ද හවුල් කරගෙන අනුග්‍රහයද ගෙන මේ රැළිය  කිරිම තවත් කැතය.
අයිවන් පියාණෙනි අපේ අභිමානය රැකදෙන්න පියවර ගන්න.
පිටර් ප්‍රනාන්දු
මහවිදිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here