එහිදි හෘදයාබාදයක් වැළදිම හේතුවෙන් ස්වර්ගස්ථ වු ගරු ශිරාන් කැරව්ගොඩගේ පියතුමගේ දේහය (පැර්සියේ දී) ජුනි මස 7 වන දින එනම් අද දින ලංකාවට ගෙන එනු ලැබ තිබේ.
මේ වන විට දේහය ගුවන් තොටුපලෙන් නිදහස් කර ගැනිමට අවැසි ලියවිලි සැකසෙමින් ඇති බැව් වාර්ථා වේ.
අද සවස 6.00 සිට 9.00 වන තෙක් දේහය කදාන ශාන්ත සෙබස්තියන් මුණිදුන්ගේ දේවස්ථානයේ තැන්පත් කෙරේ.
දැනට රට තුල පවතින තත්වය අනුව සිමිත පිරිසකට දේහයට අවසන් ගෞරව දැක්විමට අවසර ලබා දී ඇත. ගිහි ඇදහිලිවන්තයන්ට නිවසේ සිට එතුමන්ගේ ආත්මය වෙනුවෙන් යඳින ලෙස සැලේසියානු පියවරුන් විසින් කාරුණිකව ඉල්ලා සිටිති.
ගරු ශිරාන් පියතුමන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට දින සිදුකිරිමට නියමිතය.