ගල්කටුව පාර හරහා ගලන ඇල මග පිරිසිදු නොකරන්නේ ඇයි?

0
300

IMG-20191010-WA0049
මෙවර ගංවතුර නිසා පහත් ප්‍රදේශ යටවීමෙන් දළුපත සහ ඒ අවට ජනතාව ඉමහත් දුෂ්කරතාවකට පත්වූ බව අප දනිමු . මෙම ඇලවල් මේවනවිට වැලි සහ මඩ එකතුවීමෙන් කුඩා වැස්සකට වුවද ගංවතුර නිසා නිවා ස යටවීමේ හැකියාවක් ඇත.
ගල්කටුව ප්‍රදේශවාසීන් පවසන්නේ මේගැන නිලධාරීන් දැනුවත් කළද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවයි. මීගමුවට සහ කටාන යන ප්‍රාදේශික දෙකටම අයත් නිසා දෙපැත්තේ වගකිවයුතු අය මෙය මගහැර සිටිති .
මේ නිසා නැවත ඔවුන් මේ සඳහා පෙත්සමක් ඉදිරිපත් කිරීමට සූදානම්වේ ගල්කටුව පාරේ එක නිවසක් ගංවතුරට යටවන නිසා එම නිවස වෙනුවෙන් වැරදි ක්‍රමවේදයකට කානුවක් බැඳ ඇති ආකාරය අපි මීට පෙර සඳහන් කළෙමු . මීගමුව නාගරික මන්ත්‍රී වරයෙකු වන සේපාල මොරවක මේ සඳහා මැදිහත් වී ඇත. අවස්ථා දෙකකදී ලක්ෂ 6 ක මුදලක් මේ සඳහා වැය කර ඇත . නමුත් අපට ලැබුනු තොරතුරු අනුව මීගමුව නගරසභාවේ තාක්ෂණ නිලධාරියා මෙය අනුමත කර නැත. නමුත් මේ සඳහා අවස්ථා දෙකකදී ලක්ෂ දෙකක මුදලක් අනුමත වූවේ කෙසේද ? යන්න ප්‍රශ්ණයකි.
ගල්කටුව පාර හරහා ගලායන ඉහතකී ඇල සුද්ධ කිරීමට රු. 50, 000/පමණ මුදලක් වැයවේ යැයි ප්‍රදේශවාසීන්ගේ අදහසයි. එසේ තිබියදී නිවාස ගනනාවක් වතුරෙන් යටවීම වැලැක්වීමට ⁣අවධානය නොදී එක නිවසක් වෙනුවෙන් මෙවැනි මුග්ධ වැඩ කරන්නේ ඇයිද ? යන ප්‍රශ්ණය මතුවේ. එසේම කුඩා බැකෝ යන්ත්‍ර යක් මගින් එම ඇල සුද්ධ කිරීමෙන් කලින් කී නිවසෙහි වතුර ප්‍රශ්ණය ද විසඳෙන බව ප්‍රදේශවාසීන් පවසයි .