ගස් කැපිම් ඇතුළු චංචා මැඩලිමට නගර සභාවට ඉන්ටර්කොම් පද්ධතියක්??

0
186

මීගමුව මහනගර සභාවට ඉන්ටකොම් පද්ධතියක් සවි කිරිමේ සුදානමක් ගැන වාර්ථා වේ. ඇත්තටම නගර සභාවට අඩුවකට ඇත්තේද එයම පමණි. මෙය සවි කිරිමෙන් පසු සියළු වංචා හා දුෂණ වලට වැට බැදෙනු ඇතැයි නගරයේ බදු ගෙවන ජනයා මහත් බලාපොරොත්තු තබා ඇත.
මේ නිසා නගර සභාවේ ගස් මින් පසු හොරෙන් කපාගෙන යාමට ඇති ඉඩ ඇහිරෙනු ුඇත්තේ නගර සභා මුදලින් නඩත්තු වන සන්නිවේදන පද්ධතියක් ක්‍රියාත්මකව ඇති හෙයිනි.
මෙතෙක් කල් නගර සභාව තුල සිදුවුන සියළු චංචා දුෂණ ගැන සියළු සේවකයන් දැනසිටියද ඒ අදාල තැන් වෙත සිය ජංගම දුරකථන යොදා වාර්ථා කිරිමේදි ඊටද මුදලක් වැය වන නිසාත් මේ හොරකම් අල්ලන්නට කිසිවෙක පියවර ගන්නේ යැයි විශ්වාසයක් නැති නිසාත් මොකටද අපරාධෙ අපේ සල්ලි නාස්තිකරගන්නේ යැයි සේවකයන් සිතුවා වන්නටද බැරි නැත.
දැන් සියල්ල හරිය. හොරකමත් නගර සභා සේවකයන්ගෙනි . ඉන්ටර්කොම් වියදමත් නගර සභාවෙනි. මේ අලුත් සංකලනය මෑතකදි චිනයට ගිය උපනගරාධිපතිගේද??නැතිනම් කොරි්යාවට ගොස් සිටින නගරාධිපතිගේද???

නිවරදි පිළිතුර සපයන අයෙක් වෙත ඉන්ටර්කොම් සවි කිරිමට ප්‍රථමයෙන් නගර සභා භූමියේ ඇති ඉතිරි කොට්ටන් ගස් කපාගැනිමට නගරාධිපතිගේ අවසරය මත පාලිතගේ තාක්ෂණික මගපෙන්නවිම මත ඉඩසලසනු ලැබේ.