ගස් පාළුවෝ ගස කපා මුලද උදුරා දමයි.

0
73
A tree was in front of the baby kingdom

????????????????????????????????????

(4.00pm)මීගමුව   ආර්පිකෝ   ආයතනය  අසල  විසල්  ගස කපා දැමින.  ඒ  ගැන  බලධරයෝ   විවිධ  තර්ක  ගෙන  හැරපෑහ.  ඕනෑම  ජරාවැඩක්  සදහා   ඕනෑම  කෙනෙක්  නතු  කරගැනීමට   ප්‍රග්ධනයට  හැකිබව  මේ  විසල්  ගස  අපට  පෙන්වා  දුන්හ.  එක් පැත්තක  Baby Kingdom   ආයතනයත්  අනෙක් පසින්  ARPICO   ආයතනයත්  මැදින්   මහ  උජාරුවට   පාරේ  යනඑන  මිනිසුන්ට   සෙවන දෙමින්  සිටි  ගස  කපාදැමීමේදී   ප්‍රාදේශීය  ලේකම්  වරයා  කිසිවක්  නොදැන  සිටි  බව  ප්‍රකාශ කරන ලදී. මාර්ග සංවර්ධනයෙන්  කීවේ  පැමිණිළි  කිහිපයක්  නිසා  මේ  තීරණය  ගත්  බවත්  ගස කැපුවේ  පොලීසියේද  ආරක්ෂාව  ඇතිව  බවයි. ඉහතකී   ආයතන  දෙකේ  ප්‍රාග්ධනය  මේ  බිම්   කොටස්  වල   ගස් තිබෙනවාට  කැමැත්තක්  නොදක්වයි. මේ  ගස  කැපූ  පසු   එහි  මුල  දළුලමින්   තවත්  ගසක්  දීමට  සූදානම්  වනු   දුටු   ගස්  පාළුවෝ   ඒ  දළුද  කඩාදමා  ඉනුත්  නොනැවතී    මුලද  උදුරා  දමන ලදී. දැන්  ඇත්තේ  පස්ගොඩකි.  දැනටමත්  Baby Kingdom   ආයතනය සහ වෙනත් ව්‍යාපාරිකයන් විසින්  ගස  තිබුනු  බිම්   කොටස  භාවිතයට  ගන්නා  ආකාරයෙන්  මෙහි  සිදුවන්නේ කුමක්දැයි  අපට  වටහා  ගතහැක.

පැරැන්නෝ  සිටවූ   ගස්   කපා දැමීමට  උනන්දුවන  මේ  කිසිවෙක්   එක ගසක්වත්   සිටවූයේදැයි?    ඇසිය යුතුව  ඇති  නමුත්  අපිදන්නා  ඉතිහාසයේ  එවැන්නක්  සිදුවී  නැත. ඉතා  සූක්ෂ්ම  අන්දමින්   ගස් පාළුවන්  විසින්  මෙවැනි  විශාල  ගස්  කපනවිට  මේ  දක්වා   ඒවාට  එරෙහිව  කිසිවක්  කිරීමට   කිසිවෙකු  සමත්වී  නැත. නමුත්  මේ  සියළු දෙනාම   පරිසර  හිතවාදීන්  මෙන්  පෙනී  සිටින   අවස්ථා  බොහෝය.  නමුත්  සියළු  පරිසර  හිතවාදීන්  සිටියදී  මීගමු  නගරයේ   පරිසරය  රැකෙන  සේ  පිහිටා  ඇති  ගස් කැපී  යාම   වලක්වා   ගතනොහැකි  වූ බවද  පැහැදිළි  සත්‍යකි. ඉදිරියේ දී  හෝ  මෙවැනි  දේ  වලක්වා  ගැනීමට  නම්   අවධියෙන්  සිටින  ලෙස  මීගමු  පුරවැසියන්ට   අපි  අවධාරණය  කරමු.

http://www.meepura.com/2018/03/31/%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b6%9c%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b6%bd%e0%b6%a7-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb-%e0%b6%85/

http://www.meepura.com/2018/03/14/%e0%b6%b8%e0%b7%93%e0%b6%9c%e0%b6%b8%e0%b7%94%e0%b7%80%e0%b6%a7-%e0%b6%ad%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%9c%e0%b7%83%e0%b6%9a%e0%b7%8a-%e0%b6%85%e0%b7%84%e0%b7%92%e0%b6%b8%e0%b7%92-%e0%b7%80/

http://www.meepura.com/2018/04/10/%e0%b6%9a%e0%b7%90%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%ad%e0%b7%8a-%e0%b6%af%e0%b7%85%e0%b7%94%e0%b6%bd%e0%b6%b1-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b6%9c%e0%b7%83/